govlk

ඉතිහාසය

2014

  • නව අයිතම එක්කිරීම මගින් මුළු අයිතම සංඛ්‍යාව 123 බවට පත්කරමින් අපනයන පිරික්සුම් ක්‍රමවේදය ශක්තිමත් කිරීම.
  • තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ආවරණය වන ආයතන 15 අතුරින් ශ්‍රී.ල.ප.ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍ර.වි.නි. විසින් හොඳම ප්‍ර.වි.නි. සම්මානය දිනා ගැනීම.
  • අනිවාර්ය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ආශ්‍රිත ගැටලු පිළිබඳ මහජනයාට උපදෙස් දීම පිණිස රේගුවේ බහුවිධ සේවා සැපයීමේ අංශයේ කවුළුවක් විවෘත කිරීම
  • සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විදාතා සහතිකකරණ ක්‍රමවේදය හඳුන්වා දීම
  • ඩිප්ලෝමාධාරීන්ගේ ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවීම
  • මුල් දින කව‍රය සඳහා මුද්දරයක් වෙනුවෙන් පින්තූරයක් තෝරාගැනීම පිණිස දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් පැවැත්වීම
  • ශ්‍රී.ල.ප්‍ර.ආයතන පරිශ්‍රයෙහි ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් ස්ථාපනය කිරීම
  • ජාතිය වෙනුවෙන් සිදුකළ  ශ්‍රී.ල.ප්‍ර. සේවාවන්හි වසර 50 සම්පූර්ණ කිරීම
  •  ශ්‍රී.ල.ප්‍ර.ආයතනයේ 50 වන සංවත්සරය වෙනුවෙන් මුල් දින මුද්දර කවරයක් නිකුත් කිරීම
  • පාසල් ළමුන් අතර අන්තර් පළාත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වීම
  • ශ්‍රී.ල.ප්‍ර.ආයතනය සඳහා කොඩියක් හඳුන්වා දීම
  • ශ්‍රී.ල.ප්‍ර.ආයතනය සඳහා ගීතයක් හඳුන්වා දීම
  • ශ්‍රී ලංකා ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය ප්‍රතිශෝධනය පිණිස කටයතු ආරම්භ කිරීම
  • 50 වන සංවත්සරය සැමරීම පිණිස තත්ව -2014 ප්‍රදර්ශනය සංවිධානය කිරීම

2013

  • ලෝක තත්ත්ව මාසය සැමරීම වෙනුවෙන් ‘තත්ත්ව’ පා ගමනක් පැවැත්වීම
  • සංවර්ධනය වන රටවල් සඳහා ප්‍රමිති කමිටුව වන  ISO DEVCO හි  සභාපති ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම.
  • නිර්මාංශ ආහාර සහතිකකරණය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම.

2012

  • සුපිරි වෙළඳසල් සහතිකකරණ ක්‍රමවේදය සහ ISO 50001 - බලශක්ති කළමනාකරණ සහතිකකරණ ක්‍රමවේදය
  • සාක් ප්‍රමිති මණ්ඩලයේ (SARSO) පාලන මණ්ඩලයට අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම.

2011

  • තේ අංශය ආවරණය කරමින් “UTZ” නමින් හඳුන්වනු ලබන කෘෂිකර්මය මත පදනම්වූ සහතිකකරණයක් ක්‍රියාවට නැංවීම
  • තත්ත්ව සහ ප්‍රමිතිකරණය ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව “Q-Sri Lanka”, “ප්‍රමිති පුවත්” සහ “ප්‍රමිතිය ඔබ‍‍යි” යන ත්‍රෛමාසික සඟරා ප්‍රකාශයට පත්කිරීම.
  • අනුකූලතා තක්සේරුව සඳහා ස්වීඩන ප්‍රතීතන මණ්ඩලයෙන් ISO 17025 රසායනාගාර ප්‍රතීතනය ලබාගැනීම මගින් ද්‍රව්‍ය රසායානාගාරය ශක්තිමත් කිරීම.
  • ශ්‍රී.ල.ප්‍ර. ආයතනය ස්වයං අරමුදලින් ක්‍රියාත්මක සංවිධානයක් බවට පත්වීම.
  • කාම්බෝජ ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් සඳහා “ආහාර සුරක්ෂිතතා සහතිකකරණය”  පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීම.

2010

  • අනුකූලතා තක්සේරුව සඳහා ස්වීඩන ප්‍රතීතන මණ්ඩලයෙන් (SWEDAC)  සහ අනුකූලතා තක්සේරුව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් (SLAB). ISO 17025 රසායානාගාර ප්‍රතීතනය ලබාගැනීම මගින් ආහාර රසායානගාරය වඩා ශක්තිමත් කිරීම.
  • ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව කළු තේ සඳහා නිපැයුම් සහතිකකරණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම.

2009

  • අනුකූලතා තක්සේරුව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් (SLAB) බලය, ස්කන්ධ සහ උෂ්ණත්වය ක්‍රමාංකනය කිරීම සඳහා ප්‍රතීතනය  ISO 17025 රසායානාගාර ප්‍රතීතනය ලබාගැනීම මගින් මිනුම් විද්‍යා අංශය වඩා ශක්තිමත් කිරීම.
  • අනුකූලතා තක්සේරුව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් QMS, EMS, HACCP &FSMS සඳහා ප්‍රතීතනය ලබාගැනීම මගින් පද්ධති සහතිකකරණය ශක්තිමත් කිරීම.

2008

  • කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන ආවරණය සඳහා ගෝලීය අන්තර සහතිකකරණ ක්‍රමවේදය හඳුන්වා දීම.
  • කොන්ක්‍රීට් වෙරගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද/ පිරිසකසන ලද දඟර ‍වානේ දඬු සහ සාමාන්‍ය වානේ දඬු සහ ආනයනිත ‍වානේ දඬු සහ සාමාන්‍ය වානේ දඬු සඳහා පාරිභෝගික අධිකාරිය විසින් ශ්‍රී.ල.ප්‍ර. සලකුණ අනිවාර්ය කිරීම.
  • යන්ත්‍රාගාරවලට ස්ථානීය විගණන හඳුන්වාදීම මගින් විදේශීය නිෂ්පාදකයන් ලියාපදිංච්ය ශක්තිමත් කිරීම.
  • DEVCO- සංවර්ධනය වන රටවල් සඳහා ප්‍රමිති කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කිරීම මගින් සංවර්ධනය වන රටවල් සඳහා වන අන්තර්ජාතික ප්‍රමිතිකරණ ප්‍රතිපත්ති කමිටුවට පිවිසීම.
  • නිෂ්පාදන සහතිකකරණ ක්‍රියාකාරකම් හසුරුවාලීම පිණිස වෙනම අංශයක් ස්ථාපිත කිරීම.

2007

  • අනුකූලතා තක්සේරුව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන් ISO 17025 රසායනාගාර ප්‍රතීතනය ලබාගැනීම මගින් රසායනික විද්‍යාගාරය සහ ක්ෂුද්‍රජීව විද්‍යා රසායානාගාරය ශක්තිමත් කිරීම.
  •  නෙදර්ලන්ත ප්‍රතීතන මණ්ඩලය වන රාඩ්වූර් ප්‍රතීතන ආයතනයෙන්  ISO 14000 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකකරණ ‍ක්‍රමවේදය සඳහා ප්‍රතීතනය ලබාගැනීම මගින් පද්ධති සහතිකකරණය ශක්තිමත් කිරීම.
  • 2008 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත/ පිරිසකසන ලද සිමෙන්ති සහ ආනයනිත සිමෙන්ති සඳහා ශ්‍රී..ල.ප්‍ර.සලකුණ පාරි‍භෝගික කටයුතු අධිකාරිය විසින් අනිවාර්ය කිරීම
  • ප්‍රමිතිකරණ අන්තර්ජාතික සංවිධානයේ මහලේකම්ගේ සංචාරය. 

2006

  • අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන බෝතල්කළ ජලය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය  යටතේ තාක්ෂණික නිර්දේශයන් සිදුකිරිම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී.ල.ප්‍ර.ආයතනය පිළිගැනීම.
  • භාණ්ඩ 18ක් අලුතින් ‍එක්කොට මුළු භාණ්ඩ සංඛයාව 102 ක් කිරීම මගින් “ආනයන පිරික්සුම් ක්‍රමවේදය” පුළුල් කිරීම.

2005

  • OHSAS 18001 සහතිකකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
  • දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දීම
  • තවත් විෂය අංශ දෙකක් සඳහා (මූල්‍ය සහ අධ්‍යාපන) නෙදර්ලන්ත ප්‍රතීතන මණ්ඩලයෙන් ප්‍රතීතනය ලබාගැනීම මගින් තත්ත්ව පද්ධති සහතිකකරණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම.

2004

  • තවත් විෂය අංශයක් දෙකක් සඳහා (ඉදිකිරීම්) නෙදර්ලන්ත ප්‍රතීතන මණ්ඩලයෙන් ප්‍රතීතනය ලබාගැනීම මගින් තත්ත්ව පද්ධති සහතිකකරණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම.

2002

  • අනුකූලතා තක්සේරුව සඳහා ස්වීඩන ප්‍රතීතන මණ්ඩලයෙන් (SWEDAC) ISO 17025 රසායානාගාර ප්‍රතීතනය ලබාගැනීම මගින් රසායනික විද්‍යාගාරය සහ ක්ෂුද්‍රජීව විද්‍යා රසායානාගාරය ශක්තිමත් කිරීම.

2001

  • භාණ්ඩ 27ක් අලුතින් ‍එක්කොට මුළු භාණ්ඩ සංඛයාව 84 ක් කිරීම මගින් “ආනයන පිරික්සුම් ක්‍රමවේදය” පුළුල් කිරීම.
  • ආහාර පිරිසැකසුම් ආයතන සඳහා “GMP ක්‍රමවේදය” හඳුන්වා දීම.
  • ආයතනයේ වෙනස් අංශ අතර තොරතුරු සහ සම්පත් බෙදාහදා ගැනීම සඳහා පහසුකම් සැපයීම පිණිස තත් ප්‍රදේශ ජාලයක් සහ “DOCSERVER” අන්ත:ජාලයක් ස්ථාපිත කිරීම

2000

  • රසායානාගාර සහ කාර්යාල උපකරණ සැපයීම, පාරිසරික කළමනාකරණ පද්ධති සංවර්ධන වැඩසටහන සහ රසායානාගාර ප්‍රතීතනය සඳහා UNIDO ඒකාබද්ධ කාර්මික උපකාරක වැඩසටහන යටතේ සහාය ලබාගැනීම.
  •  මිනුම් විද්‍යාව සහ අලෙවිකරණය සහ ප්‍රවර්ධනය ලෙස වෙන වෙනම අංශ දෙකක් ස්ථාපිත කිරීම මගින් ශ්‍රී.ල.ප්‍ර. ආයතනය කර්මාන්ත වෙත සිය සේවා වඩා පුළුල් කිරීම.
  • ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා ජාතික තත්ත්ව ප්‍රතිපත්ති වැඩසටහන නිලවශයෙන් දියත් කිරීම.
  • ආහාර පිරිසැකසුම් ආයතනවල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා ISO, HACCP වැඩසටහන දියත් කිරීම.
  • ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතට තවත් භාණ්ඩ 24ක් ගෙන ඒම.
  • බලශක්ති කාර්යක්ෂමතාව ලේබල්කිරීම හඳුන්වා දීම.
  • දකුණු සහ මධ්‍යම ආසියාව නියෝජනය කිරීම පිණිස කලාපීය සම්බන්ධීකාරක නිලධාරියා ලෙස ISO විසින්  ශ්‍රී.ල.ප්‍ර. ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරනු ලබයි.
  • ශ්‍රී.ල.ප්‍ර. ආයතනයේ භෝජනාගාරයක් විවෘත කිරීම
  • ශ්‍රී.ල.ප්‍ර. ආයතනය තුළ 5S සංකල්පය දියත් කිරීම සහ අන්තර් අංශ 5S තරඟයක් පැවැත්වීමග
  •  ISO 9000 තත්ත්තව පද්ධති සහතිකකරණ ක්‍රමවේදයට සාපේක්ෂව ශ්‍රී.ල.ප්‍ර. ආයතනයේ ප්‍රමිතිකරණ අංශය, ප්‍රලේඛන අංශය සහ තොරතුරු අංශය සහතික කිරීම පිණිස වැඩසටහනක් අරඹන ලදී.
  •  ලෝක ප්‍රමිති දිනය  සැමරීම සඳහා කාර්ය මණ්ඩලය අතර “ආයතනයට තම සේවා තවදුරටත් වැඩිදියුණු කළ හැක්කේ කෙසේද” යන මාතෘකාව යටතේ රචනා තරඟයක් පැවැත්වීම. 35 වසරක් පුරා ජාතියට කළ සේවාව සමරනු වස් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
  •  ශ්‍රී.ල.ප්‍ර. ආයතන තත්ත්ව පද්ධති සහතික කිරීමේ ක්‍රමවේදය යටතේ සමාගම් 95 ක සහතිකකරණය ආයතනය විසින් සම්පූර්ණ කරන ලදී.

1999

  • ISO 9000 පද්ධති සහතික කරනලද සමාගම් වෙත සහතික්පත් 50ක් පිරිනැමීම වෙනුවෙන් ISO 9000 සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී
  • ජපන් රජය විසින් පරිත්‍යාග කරන ලද රසායානාගාර උපකරණ නිලවශයෙන් බාරදීම.
  • යුරෝපා සංගම් ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ආහාර පිරිසැකසුම් අංශය සඳහා HACCP විගණකවරු පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
  • USAID සහාය ඇතිව ශ්‍රී.ල.ප්‍ර.ආයතනයේ කාර්ය මණ්ඩලය සහ බාහිර පිරිස් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන පරීක්ෂකවරු ලෙස පුහුණු කිරීම.
  •  ගොඩනැගිලි ව්‍යාපෘතියේ 2වන අදියරේ 2 වන පියවර සම්පූර්ණ කිරීමත් සමගින් ශ්‍රි.ල.ප්‍ර.ආ. සියලු අංශ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල සංකීර්ණයේ ස්ථාපිත කිරීම.
  • ප්‍රතිශෝධිත ආයතනික සැලැස්ම (1998-2002) අනුමත කිරීමත් සමගින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර, අධ්‍යක්ෂ තනතුර (පද්ධති සහතිකකරණ) සහ අධ්‍යක්ෂ (පුහුණු) තනතුර යන අතිරේක තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුකරන ලදී.
  • පිල්සලකුණු තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මූලික කටයුතු සිදුකරන ලදී.
  • පාරිසරික කළමනාකරන පද්ධති (EMS) ප්‍රමිති  ක්‍රියාත්මක කිරීම පිණිස පරිපාටි සකස් කරන ලදී.

1998

  • ප්‍රථම වතාවට ශ්‍රි.ල.ප්‍ර.ආයතනය ISO කවුන්සිලයට තොරා පත්කර ගන්නා ලදී.
  • ව්‍යාපාරික ප්‍රජාවට ලබාදුන් තම සේවාවන්ගෙන් ආයතනය රුපියල් මිලියන 32ක් වූ ඉහළම ආදායම වාර්තා කරන ලදී.
  •  ගොඩනැගිලි ව්‍යාපෘතියේ 2වන අදියරේ 2 වන පියවර සම්පූර්ණ කිරීමත් සමගින් ප්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන ලදී.
  • අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික ප්‍රතීතන මණ්ඩලය ස්ථාපිත කරන ලදී.
  • ප්‍රමිති හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී වඩා ඉහළ සහයෝගිතාවක් ඇතිකිරීම පිණිස ඉන්දියන් සාගර කලාපයේ ර‍ටවල ප්‍රමිති ආයතනවල නියෝජිතයන්ගේ රැස්වීමක් කොළඹදි පවත්වන ලදී.
  • ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන ජයග්‍රාහකයන්ගේ අත්දැකීම් බෙදාහදා ගනු පිණිස විශිෂ්ඨත්වය සඳහා ගවේෂණයක් වැඩසටහන පවත්වන ලදී.

1997

  • බ්‍රිතාන්‍ය රජය සපයන ලද මූල්‍යාධාරයෙන් ශ්‍රී ලංකාවේ ISO 14000 ප්‍රමිති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී.ල.ප්‍ර.ආයතනයේ නිලධාරීන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් තක්සේරුකරුවන් ලෙස පුහුණු කරන ලදී.
  • ස්වීඩනයේ සැන්ඩ්හොම් ඇසෝසියේට්සි විසින් පූර්ණ තත්ත්ව කළමනාකරණය පිළිබද නව දින පුහුණු වැඩසටහනක් සහ එක් දින සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
  • රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහ පුද්ගලික උප‍දේශකයන් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ISO 9000 උපදේශන සංවර්ධන වැඩසටහනක් ශ්‍රී.ල.ප්‍ර.ආයතනය ප්‍රථම වරට පවත්වන ලදී.
  • බලපත්‍ර ප්‍රදානය සඳහා අනිවාර්ය කොට ඇති ISO 9000 ප්‍රමිති අවශ්‍යතා ඇතුලත් කිරීම සමගින් SLS නිෂ්පාදන සහතිකකරණ ක්‍රමවේදය පිළගන්නා ලදී.
  • පාරිභෝගිකයන් අතර SLS සලකුණ ප්‍රවර්ධනය කිරීම පිණිස ප්‍රබල ව්‍යාපාරයක් පවත්වන ලදී.
  • ශ්‍රී.ල.ප්‍ර.ආයතන සේවා අලෙවි කිරීම පිණිස ශ්‍රී.ල.ප්‍ර.ආයතනය සඳහා අන්තර්ජාලය වෙත දුරකථන සබැඳුම ලබාදීම සහ මුල් පිටුව සංවර්ධනය.
  • ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ප්‍රවර්ධනය සහ සංවර්ධනය පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික තත්ත්ව ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුමත කිරීම.
  • සමෝධානික ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම් පිළිබඳ විධායක කාර්ය මණ්ඩල නිලධාරීන් 34 දෙනෙකු පුහුණු කිරීම.

1996

  • ශ්‍රී.ල.ප්‍ර. ආයතන‍යේ පද්ධති සහතිකකරණ ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබදෙමින් නෙදර්ලන්ත‍යේ ඕලන්ද ප්‍රතීතන මණ්ඩලය විසින් එය සහතිකකරණ ආයතනයක් ලෙස පිළිගන්නා ලදී.
  • ජපාන ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 240 ක් වටිනා පරීක්ෂා කිරීමේ සහ ක්‍රමාංකනය කිරීමේ උපකරණ පරිත්‍යාග කරන ලදී.
  • ස්වීඩන සංවර්ධන නියෝජිතායතනයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
  • යුරෝපා කොමිෂන් -ශ්‍රී ලංකා සහයෝගීතා වැඩසටහන යටතේ, ප්‍රමිතිකරණ සහතිකකිරීමේ සහ තත්ත්ව කළමනාකරණය ක්ෂෙත්‍රයේ උපදේශකයන් සහ වි‍ශේෂඥයන්  යුරෝපා කොමිෂමේ රටවලින් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘති යෝජනාවක් අනුමත කරන ලදී.

1995

  • නෙදර්ලන්තයේ ඕලන්ද ප්‍රතීතන මණඩ‍ලයෙන් ISO 9000 පද්ධති සහතිකකරණය සඳහා ප්‍රතීතන තත්වය ලබාගැනීමේ කටයුතු සඳහා මුලපුරන ලදී.
  • අනිවාර්ය ආනයන පිරික්සුම් ක්‍රමවේදය යටතේ ආවරණය වන තොග සහතික කිරීමේ අරමුණ ඇතිව ජාතික ප්‍රමිති ආයතන සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සඳහා සාකච්ඡා පවත්වන ලදී.
  •  ලෝ.වෙ.සං/වෙළඳාම සඳහා තාක්ෂණික බාධක ගිවිසුම යටතේ තාක්ෂණික රෙගුලාසි සඳහා ජාතික විමිසීම් ලක්ෂ්‍ය  ලෙස ශ්‍රිල.ප්‍ර.ආයතනය නම්කරන ලදී.
  • රාජ්‍ය සහ පුද්ගලික අංශ‍යේ සංවිධාන සහ කර්මාන්තයෙන් ලබාගත් විශේෂඥ දැනුම සමගින් ශ්‍රී ලංකාව සඳහා ජාතික තත්ත්ව ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මුලපුරන ලදී.
  • ශ්‍රී ලංකාවේ පළමු ජාතික තත්ත්ව සම්මාන ජයග්‍රාහකයා ලෙස සේවා සංවිධානයක් තෝරා ගන්නා ලදී.
  •  ලෝක බැංකුවේ සහායෙන්  ජාලගත පරිගණක පද්ධතියක් සහ පරිගණක ප්‍රකාශ පහසුකම් ‍ක්‍රියාත්මක කරන ලදී.

1994

  • තත්ත්ව වෘත්තිකයන්ගේ සංගමයක් ලෙස ශ්‍රී ලංකා තත්ත්ව සංගමය ස්ථාපිත කිරී‍ම පිණිස නො.ජා.සංවිධානයේ සම්බන්ධීකරණ රටවල 12 වන රැස්වීම සහ 1994 ජනවාරි 17- 21 දක්වා කොළඹදී පැවැති ප්‍රමිතිකරණ මිනුම් සහ තත්ත්ව පාලන ක්ෂෙත්‍රයේ නො.ජා.ව. විශේෂඥ කණ්ඩා‍යමේ 6 වන රැස්වීම සඳහා සත්කාරකත්වය දරන ලදී.
  • රාජ්‍ය සහ  පුද්ගලික අංශයේ ව්‍යවසායන් සඳහා පුස්තකාල සාමාජික යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම.
  • ISO 9000 කාණ්ඩයේ ප්‍රමිති ප්‍රකාරව ශ්‍රී.ල.ගි.ආ. තත්ත්ව සහතික කිරීමේ ක්‍රමවේදය දියත් කිරීම සහ එම ප්‍රමිතිවලට සාපේක්ෂව සමාගම් 4 ක් ඇගයීම සහ සහතික කිරීම.
  • සමස්ත රසායනාගාරය ස්ථාපිත කිරීම පිණිස ගොඩනැගිලි ව්‍යාපෘතියේ අදියර 1 වසර තුළදී සම්පූර්ණ කරනු ලැබූ අතර ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සතුටුදායක ප්‍රගතියක් අත්කර ගන්නා ලදී.
  • රසායනාගාර සේවාවන්හි යටිතල පහසුකම් සඳහා ජපාන ආධාර ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ මූලික ගිවිසුම අත්සන් තැබීම.

1993

  • 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂක පනත යටතේ අයිතම දොළහක් (12) සඳහා  SLS සලකුණ අනිවාර්ය කරන ලදී.
  • ආනයන පිරික්සුම් යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන මුළු අයිතම සංඛ්‍යාව 56ක් බවට පත්කරමින් තවත් අයිතම 32 ක් ඒ ‍යටතට ගෙන එන ලදී.
  • ISO 9000 සහතිකකරණය සඳහා කර්මාන්තයෙන් අයදුම්පත්‍ර හතරක් ලැබුණි.

1992

  • තම නිෂ්පාදන සහ සේවාවල තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස කලාපයේ කර්මාන්තවලට සහායවීම පිණිස ශාඛා කාර්යාලයක් කුරුණෑගල ස්ථාපිත කරන ලදී.
  • ශ්‍රී.ල.ප්‍ර. ආයතනයේ නව රසායනාගාර සංකීර්ණය මෙහෙයුම් ආරම්භ කරන ලද අතර නව ඒකක තුනක් නව පරිශ්‍රය වෙත රැගෙන එන ලදී.
  •  ගොඩනැගිලි ව්‍යාපෘතියේ දෙවන අදියර කටයුතු කිරීමට ගොඩනැගිලි උපදේශකයකු පත්කරන ලදී.
  • ලෝක බැංකුව විසින් අරමුදල් සැපයූ කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය (III) යටතේ තම නිෂ්පාදන වැඩි දියුණු කිරිම පිණිස සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තවලට තාක්ෂණික සහයෝගය සපයන ලදී.
  • ආනයන පිරික්සුම් යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන මුළු අයිතම සංඛ්‍යාව 24ක් බවට පත්කරමින් තවත් අයිතම 12 ක් ඒ ‍යටතට ගෙන එන ලදී.
  • ISO 9000 ප්‍රමිති ප්‍රකාරව පද්ධති සහතිකකරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා “රීති සහ පරිපාටි” ආරම්භ කරන ලද අතර එක්සත් රාජධානියේ IQA ආයතනය විසින් මෙහෙයවනු ලබන තත්ත්ව පද්ධතිවල තක්සේරුකරුවන් සඳහා ලියාපදිංචිකිරීමේ ක්‍රමවේදය යටතේ තාවකාලික තක්සේරුකරුවන් පුහුණු කිරීම පිණිස ක්‍රියාමාර්ග ගන්නා ලදී.

1991

  • ලෝක බැංකු උපකාරක වැඩසටහන යටතේ කර්මාන්තවලට සහායවීම පිණිස මූලික කාර්මික සමීක්ෂණයක් පවත්වන ලදී.
  • ආනයන පිරික්සුම් ක්‍රමවේදය යටතේ භාණ්ඩ දොළහක් ආනයනය කිරීම අධීක්ෂණය කරන ලදී.
  • UNDP ව්‍යාපෘතිය යටතේ රසායනාගාර ප්‍රතීතනය සහ මිනුම් විද්‍යා ක්‍රියාකාරකම් සංවර්ධනය කිරිම සඳහා සහයෝගය ලබාගන්නා ලදී.

1990

  • ආනයන පිරික්සුම් ක්‍රමවේදය යටතට ගෙන එනු ලැබූ අයිතම ලැයිස්තුවට ආරක්ෂිත හිස් වැසුම් සහ දුඹුරු සීනි ඇතුලත් කිරිම.
  • තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීම.

1988

  • තත්ත්ව කව සඳහා ජාතික ලියාපදිංචිකිරීම් මධ්‍යස්ථානය වන ශ්‍රී.ල.ප්‍ර.ආයතනය තත්ත්ව කව දෙකක් ලියාපදිංචි කරන ලදී.
  • අන්තර් පාසල් අත්පොත් තරඟයේ ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමීම බ.අ.ජා.ස. ශාලාවේදී පැවැත්වීම.
  • පාසල් ළමුන්ට ප්‍රමිතිකරණය, තත්ත්ව පාලනය සහ පාරිභෝගිකවාදය පිළිබඳ දැනුම ලබාදීම සඳහා “ඔබයි ප්‍රමිතියයි” නම් ජාතික මට්ටමේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ප්‍රචාරය කිරීම.
  • ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනය පිළිබඳ මහජන චීන ජනරජයේ පැවැති වැඩසටහනකට නිලධාරීන් තිදෙනෙකු සහභාගිවීම.

1987

  • පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංකල්පය ජනප්‍රිය කරවීම සඳහා උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් ඉගෙනුම ලබන සිසුන් ආසන්න වශයෙන් 25,000 ක් පමණ ඇතුළත් කර ගනිමින් පාසල්වලට පාරිභෝගික අධ්‍යාපන කව හඳුන්වා දීම. පාරිභෝගික අධ්‍යාපන කව වල සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් අන්තර් පාඨශාලීය අත්පොත් තරඟයක් පවත්වන ලදී.
  • මිනුම් උපකරණ ක්‍රමාංකනය කිරීම සඳහා පහසුකම් සහිතව රසායනාගාරයේ ක්‍රමාංකන ඒකකයක් පිහිටුවීම මගින් ශ්‍රී ලං ප්‍ර  කර්මාන්ත සඳහා වන එහි සේවාවන් ව්‍යාප්ත කළේය.
  • ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහාය ඇතිව මාළු පිරිසැකසුමේ තත්ව පාලනය පිළිබඳ ජාතික වැඩසටහනක් පවත්වන ලදී

1986

  • ලිහිල් කරන ලද ආනයන ප්‍රතිපත්ති යටතේ වෙළඳපොලට හඳුන්වා දෙන ලද ආනයනික නිෂ්පාදනවල තත්ත්ව සහතික කිරීම සඳහා ආනයන පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ආවරණය කෙරෙන භාණ්ඩ වූයේ ටින් කරන ලද මාළු, උකුකිරි, පළතුරු කෝඩියල් / සාන්ද්‍ර යුෂ / පිළිගැන්වීමට සූදානම් කරන ලද  බීම, ස්විච්, සොකට් අවුට්ලට් හා ප්ලග්, ලාම්පුරඳවන ආධාරක, විදුලි බල්බ හා හොට් ප්ලේට්ය.
  • ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඉල්ලීම අනුව පොහොර ආනයනයන්හි තත්ත්ව පරීක්ෂා කිරීම ඇරඹිණි.

1984

  • ආයතනයේ ක්‍රියාකාරකම්වල විෂය ක්ෂේත්‍රය හා බලතල පුළුල් කිරීම උදෙසා 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත අහෝසි කරන ලදී.
  • රසායනාගාරයේ රෙදිපිළි පරීක්ෂා කිරීමේ ඒකකය අනුමත පරීක්ෂණ රසායනාගාරයක් ලෙස ජාත්‍යන්තර වූල් ලේකම් කාර්යාලය (IWS) විසින් පිළිගනු ලැබීම.

1983

  • දකුණු ආසියාවේ මත්ස්‍ය පිරිසැකසුම් තත්ත්ව පාලන කලාපීය ආයතනයේ (INFOFISH) සහාය ඇතිව පවත්වන ලද ඉස්සන් පිරිසැකසුම් කිරීමේ තත්ත්ව පාලනය පිළිබඳ ප්‍රථම වැඩමුළුව
  • එ.ජ. ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය හා ඒකාබද්ධව මුහුදු ආහාරවල ඉන්ද්‍රිය විභාග තත්ත්ව තක්සේරුව පිළිබඳ වැඩමුළුව
  • තත්ත්ව වැඩි දියුණු කිරීම් පිළිබඳ ප්‍රථම උපදේශක පැවරුම ල.ප්‍ර.කා. විසින් භාර ගනු ලැබීම
  • UNIDO/SIDA සහ ස්වීඩනයේ ඇලිරාටි පුහුණු මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වන ලද කර්මාන්ත සඳහා තත්ත්ව පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන

1982

  • කුරුඳු කූරු පූර්ව නැව්ගත කිරීමේ පළමු අදියර හඳුන්වාදීම සහ කුරුඳු අපනයනය කිරීමේ පූර්ව අවශ්‍යතාවයක් ලෙස කුරුඳු වෙළෙන්ඳන් ලියා පදිංචි කිරීම  
  • සමුද්‍රීය නිපැයුම් සඳහා නව ඒකකයක් ස්ථාපිත කිරීම සහ පූර්ව නැව්ගත කිරීම් පරීක්ෂා කිරීමේ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම සදහා ව්‍යාපෘති
  • පාරිශෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පළමු මහජන සම්මන්ත්‍රණය
  • වාණිජ විෂය ධාරාවේ ජාතික අධ්‍යාපන විෂයමාලාවේ සංරචකයක් ලෙස ප්‍රමිතිකරණය සහ තත්ව පාලනය අන්තර්ගත කිරීම
  • ප්‍රමිතිකරණය සහ තත්ව පාලනය සංවර්ධනය පිළිබඳ UNDP/UNIDO ව්‍යාපෘතිය ආරම්භ කිරීම
  • විදුලිමය පරීක්ෂාව, ඇඟලුම් පරීක්ෂාව සහ ක්ෂුද්‍ර ජීවවිද්‍යාත්මක පරීක්ෂාව සඳහා රසායනාගාර අංශය තුළ වෙනම අංශ සකස් කිරීම
  • යාන්ත්‍රික ප්‍රතිසන්ධි‍රෝධක පිළිබඳ ISO/TC 157 රැස්වීමක් කොළඹදී පැවැත්වීම

1981

  • ඇ.එ.ජ. හි M/S අන්ඩරයිටර් ලැබොරටරීස් විසින්, ශ්‍රී ලංකාවේදී UL ලකුණ භාවිතා කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතීත පිරික්සීමේ හා සෝදිසි කිරීමේ නියෝජිත ආයතනය ලෙස කාර්යාංශ රසායානාගාරය පත් කිරීම.
  • රසායනාගාරයේ උපකරණ අළුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම සඳහා නඩත්තු ඒකකයක් පිහිටුවීම.
  • ජා.ප්‍ර.සං. අනුග්‍රාහකයා වූ ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය වෙනුවෙන් කාර්යාංශය සත්කාරක ලෙස කටයුතු කළේය.
  • පාරිභෝගික අධ්‍යාපනය පිළිබඳ සඟරාව වන ‘පාරිභෝගික පුවත්’ ප්‍රකාශයට පත් කිරීම.
  • ආසියානු ඵලදායිතා සංවිධානය නියෝජනය කළ තත්ත්ව පිළිබඳ ජපන් විශේෂඥයන් දෙදෙනෙකුගේ මඟපෙන්වීම යටතේ කාර්යාංශය ජාතික තත්ත්ව ප්‍රවර්ධන ව්‍යාපාරයක් දියත් කළේය.
  • අධ්‍යාපන හා පුහුණු ඒකකයක් පිහිටුවීම හා කොළඹ 7 විජේරාම මාවතේ විද්‍යා මන්දිරයේ නව පරිශ්‍රයට කාර්යාංශය ගෙන යාම.
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයන් සඳහා පාරිභෝගික අධ්‍යාපනය පිළිබඳ වැඩමුළුව

1980

  • කාර්යාංශයේ මුද්‍රණ අවශ්‍යතා ඉටු කිරීම පිණිස මුද්‍රණ ඒකකය ස්ථාපනය කරන ලද අතර ප්‍රචාරක  කටයුතු ද මෙම ඒකකය යටතට ගෙන එන ලදී.

1979

  • එවකට ජා.ප්‍ර.සං. හි මහ ලේකම්, ඔලේ ස්ටුයුරෙන් මහතා සාදරයෙන් පිළිගැනීමේ භාග්‍යය ල.ප්‍ර.කා. ට හිමි විය.

1978

  • ල.ප්‍ර.කා. ප්‍රථම වතාවට කුළුබඩු හා තුනපහ පිළිබඳව කොළඹ පැවති ජා.ප්‍ර.ස. හි කාරක සභා හමු දෙකක් (ISO/TC 34 – SC7 SC8) වෙනුවෙන් සත්කාරක ආයතනය ලෙස ක්‍රියා කළේය.

1977

  • චොකොස්ලෝවැකියාවේදී පැවති රබර් හා නිෂ්පාදන සම්බන්ධයෙන් වූ ජා.ප්‍ර.ස. හි ISO/TC 45 හමුවට කාර්යාංශය සහභාගි විය. ජා.ප්‍ර.ස. හි තොරතුරු ජාල (ISONET) සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව නියෝජනය විය.

1976

  • තල ඇට අනිවාර්ය පූර්ව අපනයන පරීක්ෂණ වැඩසටහන යටතට ගෙන එනු ලැබීම

1975

  • සාගර නිෂ්පාදන පූර්ව අපනයන පරීක්ෂණ වැඩසටහන යටතේ ඉස්සන් හා පොකිරිස්සන් පිරිසැකසුම් කිරීමේ ආයතන තුනක් ලියාපදිංචි කිරීම.
  • කොකෝවා ඇට‍ සහ කරදමුංගු ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම වැඩමුළුව

1974

  • පාරිභෝගික ද්‍රව්‍ය ගණනාවකට ප්‍රමිති අනිවාර්ය කරන ලද පූර්ව අපනයන පරීක්ෂණ ව්‍යාපෘතිය දියත් කිරීම. පරීක්ෂා කරන ලද පාරිභෝගික ද්‍රව්‍ය වූයේ කොකෝවා ඇට, කළු ගම්මිරිස් ඇට, සාදික්කා සහ වසාවාසි, කරදමුංගු සහ කරාබුනැටි ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී  මධ්‍යම සහතික කිරීමේ බලධරයා ලෙස කාර්යාංශය පිළිගන්නා ලදී.
  • පූර්ව අපනයන පරීක්ෂණ වැඩසටහන යටතේ සාගර නිෂ්පාදන පිරිසැකසුම සඳහා ආයතන ලියාපදිංචි කිරීම.
  • ජා.ප්‍ර.ස. හි මධ්‍යම ලේකම් කාර්යාලයේ තාක්ෂණික සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ආචාර්ය එන්. එම්. චොප්රා මහතාට සත්කාරක ආයතනය ලෙස ල.ප්‍ර.කා. ක්‍රියා කළේය. ඔහුගේ සංචාරයේ අරමුණ වූයේ සංවර්ධනය වන රටවල ප්‍රමිතිකරණය සතු කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමයි. ඔහුගේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, හැකි සැම විටකම ජා.ප්‍ර.ස. හි ප්‍රමිති සහ අනෙකුත් ජාතික ප්‍රමිති ආදේශ කිරීමේ සක්‍රියව කටයුතු කිරීමට ල.ප්‍ර.කා. හි උපදේශක සභාව තීරණයකළේය.
  • කාර්යාංශයේ රසායනාගාර සේවා අංශයේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් සමග එය වැල්ලවත්තේ පිහිටි වඩා ඉඩකඩ සහිත ස්ථානයකට ගෙන යන ලදී.
  • සුළු කෘෂිකාර්මික භෝග හා ආහාර වර්ග වලට අදාලව තත්ත්ව පාලනය පිළිබඳ සම්මන්ත්‍රණයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
  • ඉන්දියාවේ නවදිල්ලියේ පැවති උත්තේජක ආහාර ISO/TC 34 (SS/5) කුළුබඩු හා තුනපහ පිළිබඳ අනු කමිටු රැස්වීමේදී ල.ප්‍ර.කා. නියෝජනය විය.
  • කාර්යාංශයේ ක්‍රියාකාරකම් කාර්යක්ෂමව හා මනාව සංවිධානය කිරීම පිණිස ල.ප්‍ර.කා. හි නාමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලෙස වෙනස් කළ යුතු බව කාර්යාංශයෙහි උපදේශක සභාව කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යවරයාට නිර්දේශ කළේය.
  • තාක්ෂණික මට්ටමින් කාර්මික ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය පිළිබඳ ප්‍රථම වැඩසටහන

1973

  • මධ්‍යම කළමනාකාරිත්ව මට්ටමේ පිරිස් වෙනුවෙන් කාර්මික ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය පිළිබඳ පළමුවැනි පුහුණු වැඩසටහන පවත්වමින් ල.ප්‍ර.කා. පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කළේය. කාර්මික ක්ෂේත්‍රයෙන් සහභාගි වූවන් විසි එක්දෙනෙකු සමග තත්ත්වය, ප්‍රමිතිකරණය සහ සංඛ්‍යානමය ක්‍රම වලට සම්බන්ධ මාතෘකා සාකච්ඡා කෙරිණි.

1972

  • ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරවීම පිළිබඳ වාර්තාව ජාතික මෙට්‍රික් ක්‍රමයට හැරවීමේ මණ්ඩලය විසින් ල.ප්‍ර.කා. සාඩම්බර සහභාගිත්වය ඇතිව එවකට සිටි කර්මාන්ත හා විද්‍යාත්මක කටයුතු අමාත්‍යවරයාට පිළිගන්වන ලදී. වාර්තාව සකස් කර අවසන් පිටපත නිම කරන ලද්දේ ල.ප්‍ර.කා. විසිනි.
  • පැරීසියේදී පවත්වන ලද දුම්කොළ නිෂ්පාදන පිළිබඳ ISO/TC 126 හමුවට ල.ප්‍ර.කා. සහභාගි විය.

1971

  • ප්‍රමිතිකරණ සලකුණු ක්‍රමය පාලනය කරන රෙගුලාසි සකස් කර අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී. ආරක්ෂිත රේසර් තල සහ ඇස්බැස්ටෝස් සිමෙන්ති තහඩු සඳහා ප්‍රමිති අනිවාර්ය කරන ලදී.

1970

  • ල.ප්‍ර.කා. කොළඹ 7 ධර්මපාල මාවතේ අංක 53 දරන ස්ථානයේ පිහිටි වඩා ඉඩකඩ සහිත පරිශ්‍රයකට ගෙන යාම
  • ප්‍රථම වරට ජා.ප්‍ර.ස. (ISO) හා ල.ප්‍ර.කා. (BCS) විසින් සහගාමීව උත්සවාකාරයෙන් සමරන ලද ලෝක ප්‍රමිති දිනය හා සම්පාතව ල.ප්‍ර.කා. හි නිල ප්‍රකාශනය වන ‍ප්‍රමිති පුවත් (Standards News) ප්‍රකාශයට පත් කිරීම.
  • තාක්ෂණික කමිටු දෙකක සහභාගි වන සාමාජිකයෙකු ලෙස සහ තාක්ෂණික කමිටු දහයක නිරීක්ෂණ සාමාජිකයෙකු ලෙස ල.ප්‍ර.කා., ජා.ප්‍ර.ස. හි ක්‍රියාකාරකම් වලට සහභාගි වීම.
  • ප්‍රමිති සකස් කිරීම සඳහා අවශ්‍ය පරික්ෂණ, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී, නාගරික රස පරීක්ෂකගේ රසායනාගාරයේදී හා ලංකා විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ ආයතනයේදී (CISIR) සිදු කිරීම
  • ඉන් අනතුරුව ජාතික ප්‍රමිති සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත සැපයීමේ අරමුණ ඇතිව ල.ප්‍ර.කා. හි රසායනාගාරයක් ස්ථාපනය කිරීම. කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි රසායනාගාරයේදී මෙකළ සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ, ආහාර, රසායනික නිෂ්පාදන හා ද්‍රව්‍ය පරීක්ෂා කිරීම විය.
  • කාර්යාංශය විසින් සකස් කරන ලද මෙට්‍රික් ක්‍රමයට හැරවීම පිළිබඳ වාර්තාවේ නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනය වීම සඳහා ජාතික මෙට්‍රික් ක්‍රමයට හැරවීමේ මණ්ඩලයක් පිහිටුවීමට නියෝගයක් නිකුත් කරන ලදී.

1969

  • ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) සාමාජිකයෙකු ලෙස ල.ප්‍ර.කා. ඇතුළත් කර ගැනීම. වෙනත් ජාතික ප්‍රමිති ආයතන වල ජාතික ප්‍රමිති ආශ්‍රෙය එකතුවක් ස්ථාපනය කිරීම.

1967

  • ප්‍රථම ලංකා ප්‍රමිතිය, CS : 1 ප්‍රාථමික කෝෂ A5 ප්‍රමාණයෙන් ප්‍රකාශයට පත් කිරීම. ප්‍රමිතියෙහි පිට කවරය සඳහා තෝරා ගන්නා ලද්දේ අළු වර්ණයයි.

1966

  • ප්‍රමිති සකස් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රථම ප්‍රමිති නිලධාරීන් වශයෙන් ජී. එම්. එස්. ද සිල්වා සහ ඩග්ලස් පණ්ඩිත යන මහත්වරුන් බඳවා ගැනීම. 
  • එවකට පැවති කර්මාන්ත හා ධීවර කටයුතු අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලද ඉන්දියානු හා වෙනත් විවිධ ප්‍රමිති වල මූලාරම්භක එකතුවකින්, කොළඹ වජිර පාරේ පිහිටි කාර්යාංශ පරිශ්‍රයෙහි පුස්තකාල ස්ථාපනය කිරීම. පුස්තකාලයේ මූලික කාර්යභාරය වූයේ ප්‍රමිති සකස් කිරීම සඳහා සහායක සේවා ලබා දීමයි.
  • බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රදානය කරන ලද සම්පූර්ණ බ්‍රිතාන්‍ය ප්‍රමිති කට්ටලයකින් පවත්නා එකතුවට අතිරේකයක් සැපයීමත ආයතනයේ කටයුතු සංවිධානය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය සහිතව ල.ප්‍ර.කා. හි (BCS) සේවය කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යාංශයෙන් ආචාර්ය ආර්. සී. ද සිල්වා මහතාව අනුයුක්ත කිරීම.

1965

  • ජාතික ප්‍රමිති ආයතනයෙහි මෙහෙයුම් ආරම්භ වීම. ප්‍රථම උපදේශක සභාවේ සාමාජිකයන් වූයේ  බී. ඩී. රම්පාල මහතා (සභාපති) හා ආර්. ජී. ද එස්. වෙත්තමුණි මහතා (අධ්‍යක්ෂ)  සමඟ කාර්යමණ්ඩලය පත් වූ ප්‍රථම හා එකම සාමාජිකයා ලෙස එහි ලේකම් ධූරයෙහි කටයුතු කළ හරිස්චන්ද්‍ර විජේතුංග මහතාය. එවකට සිටි කර්මාන්ත අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්, උපදේශක සභාවේ ප්‍රථම රැස්වීම කර්මාන්ත අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මෙම කාලසීමාවේදී කාර්යාංශය ක්‍රියාත්මක වූයේ ලංකා තුනීලෑලි සංස්ථා පරිශ්‍රයෙහි  පිහිටි එහි කාර්යාලයේ සිට ය. විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, කෘෂිකර්ම හා රසායනික ද්‍රව්‍ය  සහ මෙට්‍රික් ක්‍රමයට හැරවීම යන අංශවලට කමිටු පත් කිරීම.

1964

  • ජාතික ප්‍රමිති ආයතනය ලෙස ක්‍රියාත්මක වීම පිණිස හා ඒ හා සම්බන්ධ හා ඊට ආනුෂංගික කටයුතු සම්පාදනය කිරීම පිණිස පාර්ලිමේන්තු පනතක් මගින් ලංකා ප්‍රමිති කාර්යාංශය (BCS) ස්ථාපනය කිරීම.