govlk

හැඳින්වීම

හැඳින්වීම

ආනයන පරීක්ෂණ ක්‍රියාවලියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුලට ඇතුඏවන භාණ්ඩ 123 ක් පරීක්ෂණය හා අධීක්ෂණය කර අදාළ ශ්‍රී ලංකා පිරිවිතර වලට ඇති අනුකූල භාවය පිළිබඳ ශ්‍රී ලංකා රේගුවට කිර්දේශ ලබාදීම.

මෙම ආනයන පරීක්ෂණ ක්‍රියාවලිය ආනයන අපනයන පාලන පනත නො 01 1969 යටතේ ඇති අංක 2014 ජනවාරිය 1844/9 දරන ගැසට් නිවේදනයට අනුව ක්‍රියාත්මක වේ අමතරව ටැප් සහ ඵ්වායේ උපාංග 2016 පෙබරවාරි 11 දින (අංක 1953/27 යන) ගැසට් පත්‍රයක් මඟින් ආනයන පරීක්ෂාවට ඇතුඏ කර ඇත

නියම කර ඇති භාණ්ඩ තොග ආනයනයේදී ඵ්වායේ අනුකූලතා ක්‍රියාවලිය සඳහා පහත නිර්ණායක යොදාගැනේ

  1. ආනයනය කරන රටවලින් ඵම තොග සදහා ලබාදෙන අනුකූලතා සහතික වල පිලිගත හැකි භාවය
  2. අදාල තොගය ආනයනය කරන රටේ ජාතික ප්‍රමිති ආයතන මඟින් හෝ වෙනත් රටක ප්‍රමිති ආයතන මඟින් ලබාදෙන භාණ්ඩ සහතික කරණ ලාංඡන වල පිලිගත හැකි භාවය
  3. අපනයනය කරන රටේ නිශ්පාදන ආයතනයේ විශ්වාසනීය භාවය හා ඵය හා බැඳුණු පසුගිය අත්දැකීම
  1. අනුමැතිය ලබා ගැනීමේ පටිපාටිය
    1. 1.අනිවාර්ය ආනයන පරීක්ෂණයට යටත් භාණ්ඩයන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන ඕනෑම ආනයනකරුවකු අදාළ පහත අවශ්‍යතා පිළිඔඳ මනා අවබෝධයෙන් සිටිය යුතුය
      1. 1.1.ආනයන පරීක්ෂණ ක්‍රියාවලිය යටතේ ඇති භාණ්ඩ පහත පරිදි පුඏල් ලෙස වර්ගීකරණය කළ හැක

පළමු කාණ්ඩය ;

විදේශීය රසායනාගාරයකින් පරීක්ෂණ නියෝජිත ආයතනයකින් හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ලියාපදිංචි වූ රාජ්‍ය ආයතනයකින් ලබාගත් අනුකූලතා සහතිකයක් සමග පැමිණෙන තොග මෙම ගණයට අයත් වේ.

ආනයන කරුවන්ට ඇති වාසි

භාර දෙන ලද අනුකූලතා සහතිකය අදාල තොගය සමග ගැලපේ නම් අදාල තොගය නියැදි ලබා නොගෙන විකිණීම සඳහා අවසර/අනුමැතිය ලබාදේ. තොග වලින් නියැදි ලබාගැනීම අහඹු ලෙස සිදු කරන අතර නියැදි ලබා ගැනීමෙන් පසු විකිණීම සඳහා අනුමැතිය ලබාදේ. අහඹු නියැදි ලබා ගැනීමේ වාර ගණන නිෂ්පාදකයාගේ හෝ රසායනාගාරයේ හෝ ආනයනකරු ගේ පසුගිය දත්ත මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කෙරේ.

දෙවන කාණ්ඩය

අපනයනය කරනු ලබන රටේ ජාතික ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද අනුකූල සහතික සමග පැමිණෙන තොග මෙම කාණ්ඩයට අයත් වේ. අනුකුල සහතික අදාල ශ්‍රී ලංකා පිරිවිතරයට අනුකූල වන පරිදි විය යුතුය.

තුන්වන කාණ්ඩය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ලියාපදිංචි වී ඇති විදේශීය නිෂ්පාදන ආයතනය වලින් ආනයනය කරන තොග මෙම කාණ්ඩයට අයත් වේ. සෑම තොගයක් සමගම අනුකුලතා සහතිකය අනිවාර්ය වේ.

ආනයන කරුවන්ට ඇති වාසි

භාර දෙන ලද අනුකූලතා සහතිකය අදාල තොගය සමග ගැලපේ නම් අදාල තොගය නියැදි ලබා නොගෙන විකිණීම සඳහා අවසර/අනුමැතිය ලබාදේ. තොග වලින් නියැදි ලබාගැනීම අහඹු ලෙස සිදු කරන අතර නියැදි ලබා ගැනීමෙන් පසු විකිණීම සඳහා අනුමැතිය ලබාදේ. අහඹු නියැදි ලබා ගැනීමේ වාර ගණන නිෂ්පාදකයාගේ හෝ රසායනාගාරයේ හෝ ආනයනකරු ගේ පසුගිය දත්ත මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කෙරේ.

හතරවන කාණ්ඩය

ඕනෑම රටක ප්‍රමිති ආයතනයක් මගින් භාණ්ඩ සහතිකකරණය සඳහා ලබා දෙන “ලාංජනය” සහිත තොග මෙම කාණ්ඩයට අයත් වේ. එම භාණ්ඩ සහතිකකරණය සඳහා යොදා ගන්නා පිරිවිතර අදාල ශ්‍රී ලංකා පිරිවිතර සමග අනුකූල විය යුතුය.  එවැනි නිෂ්පාදනයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ලියාපදිංචි විය යුතුය.

ආනයන කරුවන්ට ඇති වාසි

  1. ලාංජනය” සහිතව ආනයනය කරන භාණ්ඩ සඳහා විකිණීමට හෝ භාවිතයට අවසර ලබා දෙයි.

අහඹු නියැදි ලබාගැනීම ආනයනය කරන තොග අටකට වරක් සිදු කෙරේ. ඒවාද නියැදි ලබා ගැනීමෙන් පසු විකිණීම සඳහා අවසර ලබාදෙයි. එසේ වුවද නියැදි ලබාගැනීමේ වාර ගණන නිර්ණය කිරිම අදාල නිෂ්පාදකයාගේ පසුගිය වාර්තා අනුව සිදු කෙරේ.

  1. වෙනත් රටක අනුමත “භාණ්ඩ සහතික ලාංජනයක්” සමග පැමිණෙන තොගද නියැදි ලබා ගැනීමකින් තොරව විකිණීම හෝ පාවිච්චිය සඳහා අනුමැතිය ලබාදෙයි.

ආනයනය කරන තොග පහකට වරක් අහඹු නියැදි ලබාගැනීම සිදු කෙරේ.

එසේ වුවත්, අහඹු නියැදි ලබාගැනීමේ වාර ගණන නිෂ්පාදකයාගේ හා ආනයන කරුගේ පසුගිය වාර්තා සලකා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් තීරණය කල හැක.

පස්වන කාණ්ඩය

ඉහත කාණ්ඩ හතරට අයත් නොවන තොග මෙම කාණ්ඩයට අයත් වේ.

කෙසේ වෙතත් එම පරීක්ෂණ වාර්තාව අදාල තොග ආනයනය කිරීමේදී ඇති 1.1.2 වගන්තියේ වූ පෙර අපනයන වාර්තා ඉදිරිපත් කිරීමට හා නොබැඳේ.

වරාය තුල නියැදි ලබාගැනීමට අපහසුතා ඇති විට සහ පරීක්ෂණ වාර්තා කෙටි කලකින් ලබාගත නොහැකි අවස්ථා වලදී එම තොග, ආනයන කරුගේ පුද්ගලික ඇප ලිපියක් සහ ආනයනකරුගේ පසුගිය වාර්තා මත ආනයනකරුගේ ගබඩාවට නිකුත් කෙරේ.

02

2.1       ආනයනකරු විසින් නිවැරදිව පුරවන ලද ප්‍රකාශන පත්‍රයෙහි/අයදුම්පතෙහි පිටපත් 03 ක් පහත සඳහන් ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් ලියකියවිලි සමග භාරදිය යුතු අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහා තොගය නිරීක්ෂණයට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.

               

  1. වෙළඳඉන්වොයිසියේපිටපතක්
  1. භාණ්ඩ තොගවල ප්‍රමාණ හා තොග අංක වෙන් වෙන්ව ඇතුලත් ඇහුරුම් ලැයිස්තුව

  1. නෞභාර පත්‍රයේ පිටපතක්

  1. රේගු ප්‍රවේශ අංකය ඇතුලත් රේගු ප්‍රකාශනයේ පිටපතක්

යමු කරුණක් නිසා මෙම ලියකියවිලි භාරදෙන අවස්ථාවේ ආනයනකරුට රේගු ප්‍රවේශ අංකය ඉදිරිපත් කල නොහැකි වුවහොත් බැංකුව මගින් මුද්‍රා තබන ලද ඉන්වොයිසියක් ඉදිරිපත් කල යුතුය.

  1. අදාල තොගයට අදාලව පිලිගත හැකි අනුකූලතා සහතික

අදාල තොගය කොටස් කිහිපයකින් සමන්විත නම් එම සෑම කොටස සඳහාම වෙනවෙනම සහතික ඉදිරිපත් කල යුතුයි.

2.2       තොගය අදාල වන ප්‍රමිති පිරිවිතර හා ඉන්වොයිසිය වෙනස් වන අවස්ථා වලදී වෙන්වෙන්ව ප්‍රකාශන පත්‍ර/අයදුම්පත්‍ර ඉදිරිපත් කල යුතුය.

2.3       1.1.2 කොටසේ සඳහන් පරිදි තොගය අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරට අනුකුල බව දැක්වෙන අනුකූලතා සහතික ප්‍රකාශන පත්‍රය සමග ඉදිරිපත් කල යුතුයි. එම අනුකුලතා සහතිකයේ මුල් පිටපත අදාල සහතිකකරණ ආයතනය මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සෘජුව ඉදිරිපත් කල යුතු අතර ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා එහි පූර්ව පිටපතක් ප්‍රමිති ආයතනය වෙත ෆැක්ස් මගින් එවිය හැක. එය මුල් සහතිකයේ සම්පූර්ණ පිටපතක් විය යුතුය.

2.4       ප්‍රකාශන පත්‍රය ලැබීමෙන් පසු අදාල තොගය නිරීක්ෂණය කිරීම හෝ සාම්පල ලබාගැනිම හා පරීක්ෂණාගාර පරීක්ෂණ සිදු කරනවාද යන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් තීරණය කරනු ඇත. එහිදී සාම්පල ලබාගැනීමට තීරණය කලහොත් අදාල පරීක්ෂණාගාර ගාස්තු ගෙවිම ආනයනකරු විසින් ඒ අවස්ථාවේ සිදු කල යුතු අතර පසුව සාම්පල ලබාගැනීම සිදුකරනු ඇත.

2.5       ආනයනකරු විසින් අදාල තොගය නිෂ්කාශනය කිරීම සඳහා ඉදිරිපත් කල ප්‍රකාශන පත්‍රය වෙනත් කිසිම කරුණක් සඳහා අනුකුලතා සහතිකයක් ලෙස භාවිතා කල නොහැක. ආනයනකරු හෝ වෙනත් පාර්ශවයක් මගින් එම ප්‍රකාශන පත්‍රය අදාල තොගය විකිණීම සඳහා භාවිතා කල නොහැක.

03

3.1       ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාල නැව් තොග පරීක්ෂා කිරීම / නියැදි ලබාගැනීම අවශ්‍ය බව තීරණය කරන්නේ නම්, මෙම තීරණය ආනයන පරීක්ෂා සඳහා භාවිත කරන මාර්ග ගත පද්ධතියේ (On-line system) ‘Status’ තීරුවේ ‘Sample Required’ යනුවෙන් දිස්වේ.  එමගින් එම තොගය පරීක්ෂා කිරීම / නියැදි ලබාගැනීම සඳහා රඳවා තබා ගන්නා බව පෙන්නුම් කරයි.

3.2       සාම්පල් ගැනීමේදී සැමවිටම SLS 428 අනුව අහඹු ලෙස සාම්පල් ලබාගන්න.

3.3       සාම්පල් ලබාගැනීමට යාමේදී ඒ සඳහා අවශ්‍ය සහය (කම්කරුවන් , අවශ්‍ය උපකරණ) ලබා දිය යුතු අතර ඒ සඳහා යන වියදම් (සාම්පල් ගැනීමට සහ පරීක්ෂණ කිරීමට) ආනයනකරු විසින් දැරිය යුතුවේ.

3.4       භාණ්ඩ ආනයනකරු විසින් ලිඛිතව SLS ආයතනය වෙත සාම්පල් කරන දිනය, වේලාව සහ සාම්පල් ගැනීමට අවශ්‍ය ස්ථානය පිළිබදව පැහැදිලිව සඳහන් කර එවිය යුතුයි.

3.5       සාම්පල් ලබා ගැනීමේදී එම සාම්පල් කුමන පරීක්ෂාව සඳහා ද (spot/detail) යන්න නිවැරදිව සටහන් කරන්න.

3.6       ආනයනික බඩු තොගය SLS ආයතනයේ ක්‍රියාපටිපාටියට අනුකුල නම් Notification

04        අභියාචනා

4.1       ඇගැයීම සම්බන්ධයෙන් ආනයනකරු සෑහීමකට පත් නොවුණහොත්, දැනුම් දීමක් ලැබුණු දින 03 ක් ඇතුලත නැවත විමර්ශනය සහ/හෝ නැවත නියැදීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ආයාචනය කල හැකිය.ත එවැනි අවස්ථාවන්හිදී, වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අවසාන තීන්දුවයි.

05        ගාස්තු ව්‍යුහය

06        ඇමතුම් විස්තර

            අධ්‍යක්ෂ (තත්ත්ව ආරක්ෂණ)            දුරකථන : 2671578

            සාමාන්‍ය                                               දුරකථන : 2671567 – 72

            ආහාර නිෂ්පාදන ඒකක 1                  දිගුව 363

                                           ඒකක 2                  දිගුව 360

            ආහාර නොවන නිෂ්පාදන ඒකක 3   දිගුව 361

                                                         ඒකක 4    දිගුව 359

            පරිපාලන නිලධාරි                            දිගුව 393 (තත්ත්ව ආරක්ෂණ)

                                                ෆැක්ස් 011-5354320