govlk

අංශ

නිෂ්පාදන සහතිකකරණය

ජනප්‍රිය ලෙස ‘SLS ලාංජන ක්‍රමය මෙන් හැඳින්වෙන නිෂ්පාදිත සහතිකකරණ ක්‍රමය යනු නිෂ්පාදිතයක තත්ත්වය පිළිබඳ තෙවන පාර්ශව සහතික කිරීමකි. මෙම ක්‍රමය මගින්, ශ්‍රී ලංකා ප්‍රමිති වලට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදිත වල ‘SLS’ ලාංජනය සලකුණු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරනු ලැබේ. 1984 අංක 6 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත සහ එහි රෙගුලාසි මගින් නිෂ්පාදකයින්ට බලපත්‍ර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලාත්මක කර තිබේ.

භාණ්ඩයක හෝ නිෂ්පාදිතයක සහතික ලකුණ යෙදීමෙන් අදහස් වන්නේ එම භාණ්ඩය හෝ නිෂ්පාදිතය දිගින් දිගටම අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුලව නිෂ්පාදනය කරන බව සහ මිලදී ගැනීමේදී තත්ත්වය පිලිබඳ සෑහෙන ලෙස තහවුරු කළ හැකි බවය. පිරිවිතරෙහි අවශ්‍යතාවලට අනුකූලත්වය, සුදුසුකම් ලත් විගණකවරුන් විසින් පවත්වන ලද විගණනවලින් සහ නිෂ්පාදිත පරීක්ෂා කිරීම තුළින් තහවුරු කෙරේ

පද්ධති සහතිකකරණය

තුන්වන පාර්ශවයේ සහතිකකරුවෙකු ලෙස පද්ධති සහතිකකරණ අංශය මෙරට ආර්ථිකයේ සියළු පාර්ශවයන් වෙත කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීම සඳහා අනුබලය සහ අනුග්‍රහය දක්වමින් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ආයතනයක භාණ්ඩ හා සේවාවන්හි ගුණාත්මකබව පිළිබඳ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරලීම සඳහා කැපවීම තුළින් ආයතනයක විශ්වාසනීයත්වය ගොඩනැංවීමට ද එහි ව්‍යාපාරික මෙහෙයුම් ස්ථාවරව සහ අඛණ්ඩව පවත්වා ගෙන යාමටද කළමනාකරණ පද්ධති සහතිකකරණය උපකාරි වේ.

යම් ආයතනයක් ගෝලීය වෙළෙඳපලට පියවර තැබීමට අලෙවිකරණ උපක්‍රමයක් ලෙසද, තරඟකාරී වෙළෙඳපලෙහි එම ආයතනයේ ව්‍යාපාරික පද්ධතිය පිළිබඳ විශ්වාසනීයත්වයක් ගොඩනැංවීම පිණිසද, පද්ධති සහතිකකරණ අංශය එය සතු නිපුණ විගණකවරුන් යොදාගනිමින් එම ව්‍යාපාරික ආයතනයේ අවදානම් අවස්ථා පාලනය කිරීම සහ එහි කළමනාකරන පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලබන පිළිගත් පද්ධති සහතිකකරණ සේවාවන් පහත දැක්වේ.

 

   

අලෙවිකරණය සහ ප්‍රවර්ධනය

අලෙවිකරණ සහ ප්‍රවර්ධන අංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සපයනු ලබන සේවාවන් පිළිබඳ ප්‍රචාරයක් ලබාදීම පිණිස විවිධ ආකාරයේ ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම සිදුකරයි.  එසේම ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණ පරිචයන් පිළිබඳව ගුරු භවතුන් සහ පාසල් ළමුන්ට දැනුම ලබාදීම පිණිස දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙම අංශය විසින් පවත්වනු ලබයි.

ඊට අමතරව, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් තත්ත්ව කළමනාකරණ ක්‍රියාකාරකම්වල විශිෂ්ඨත්වය දක්වා ඇති ශ්‍රි ලංකාවේ ආයතන පිළිගැනීම සඳහා වාර්ෂික උත්සවයක් අලෙවිකරණ සහ ප්‍රවර්ධන අංශය සංවිධානය කරයි.

කාර්යසාධන විශිෂ්ඨත්වය වෙනුවෙන් පරමාදර්ශී ආයතනවලට ශ්‍රි.ල.ප්‍ර.ආයතනය විසින් ලබාදෙනු ලබන ගෞරවාන්විත සම්මානය වනුයේ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානයයි

විද්‍යාත්මක ප්‍රමිතිකරණය

This page is under constructions

ඉංජිනේරු ප්‍රමිතිකරණය

This page is under constructions

තත්ත්ව සහතික කිරීම

ආනයන පරීක්ෂණ ක්‍රියාවලියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුලට ඇතුඏවන භාණ්ඩ 123 ක් පරීක්ෂණය හා අධීක්ෂණය කර අදාළ ශ්‍රී ලංකා පිරිවිතර වලට ඇති අනුකූල භාවය පිළිබඳ ශ්‍රී ලංකා රේගුවට කිර්දේශ ලබාදීම.

මෙම ආනයන පරීක්ෂණ ක්‍රියාවලිය ආනයන අපනයන පාලන පනත නො 01 1969 යටතේ ඇති අංක 2014 ජනවාරිය 1844/9 දරන ගැසට් නිවේදනයට අනුව ක්‍රියාත්මක වේ අමතරව ටැප් සහ ඵ්වායේ උපාංග 2016 පෙබරවාරි 11 දින (අංක 1953/27 යන) ගැසට් පත්‍රයක් මඟින් ආනයන පරීක්ෂාවට ඇතුඏ කර ඇත

ප්‍රලේඛනය සහ තොරතුරු

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛන සහ තොරතුරු අංශය ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳව සියලු පොත්පත් සහ ලිපිලේඛන එකම තැනකින් ලබාගත හැකි තොරතුරු මධ්‍යස්ථානයක් වේ. විශේෂඥ තොරතරු මධ්‍යස්ථානයක් වන එය ප්‍රමිති සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ අද්වීතීය සම්පත් එකතුවක් අප සාමාජිකයන්ට පිරිනමයි. එකතුවේ ප්‍රධාන කොටස ජාතික, අන්තර්ජාතික සහ වි‍දේශීය ප්‍රමිති සහ තාක්ෂණික රෙගුලාසි පිළිබඳ විස්තීරණ සහ යාවත්කාලීන කරන ලද එකතුවකින් සමන්විත වේ. ප්‍රමිතියට අනුව කටයුතු කිරීම නෛතික සහ නියාමන අවශ්‍යතා සපුරාලීමට ආයතනයට උපකාරී වනවා පමණක් නොව සුරක්ෂිතතාව සහ ආරක්ෂාව පිළබඳ වඩා පුළුල් ගම්‍යයන් වෙත තාර්කික ව්‍යාප්තියක් ලෙසද කටයුතු කරයි.

මූලිකවම ‘තත්වය’ සහ ‘ප්‍රමිතිකරණය’ සහ ‍ඒවායේ සමගාමී ක්ෂෙත්‍ර පිළිබඳ පොත්, වාර ප්‍රකාශන, අත්පොත් ආදිය ඇතුළුව පුළුල් පරාසයක ලිපි ලේඛන ද එහි පවතී.

ක්ෂෙත්‍රය  පුළුල් පදනමක ගනුදෙනුකරුවන් සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළුව වෙළඳ ප්‍රජාව සහ පොදු ජනතාවගේ තීරණාත්මක තොරතුරු අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර ඇති සේවා ගණනාවක් සපයනු ලැබේ. ඒවා හැරුණු විට, පුස්තකාලයකින් සාමාන්‍යයෙන් එදිනෙදා සපයනු ලබ‍න සේවාවන් ද ලබාගත හැකිය. ශ්‍රී.ල.ප්‍ර.කාර්යාංශයේ ප්‍රලේඛන සහ තොරතුරු අංශය ප්‍රමිති සහ තාක්ෂණික රෙගුලාසි පිළිබඳ ලෝ.වෙ.සං/ වෙළඳාම සඳහා තාක්ෂණික බාධක ජාතික විමසුම් ස්ථානය ලෙස නම් කර තිබේ. 

පුහුණුව

This page is under constructions

මූල්‍ය

මෙම අංශයේ  වගකීම වනුයේ ආයතනයේ මූල්‍ය කළමනාකාරිත්වය අදාල රෙගුලාසි/උපදෙස් මත ආයතනික අරමුණු ඉටුකර ගැනීම සදහා කළමනාකරණය කිරීමයි

පරිපාලනය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරිපාලන අංශය සේවකයන් බඳවාගැනීම, සියලු සේවකයන්ගේ පුද්ගලික ලිපිගොණු සම්බන්ධයෙන් කටයුතු කිරීම, වැටුප් වර්ධක ලබාදීම, නිවාඩු සම්බන්ධ කරුණු, ස්ථාන මාරුවීම්, වෛද්‍ය කටයුතු, දිරිදීමනා, පුහුණු සහ සංවර්ධන කාර්යයන්, ප්‍රවාහණ කටයුතු, මණ්ඩල සාමාජිකයන් සඳහා විදේශ සංචාර ලේකම් කටයුතු, වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම, සියලු මිලදී ගැනීම් කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම (රසායානගාරය සඳහා උපකරණ) සහ නෛතික කරුණු, ආරක්ෂාව, ගෘහපාලන සහ ආපන ශාලාව වැනි අනෙකුත් කරුණු සම්බන්ධයෙන් කාර්යයන් ඉටුකරයි.

මිනුම් විද්‍යාව

ISO/IEC 17025 සහතික ලත් ක්‍රමාංකන රසායනාගාරයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ම්නුමි විද්‍යා අංශය, ජාතික මිනුමි පද්ධතියේ කොටසක් ලෙස තම වගකීමි ඉටුකරනු ලැබේ. අප විසින් පුළුල් පරාසයක මිනුම් සදහා ක්‍රමාංකන සේවා සපයනු ලබන අතර එම මිනුම් වල අන්වේක්ෂතාවය, ජාතික හා ජාත්‍යන්තර මිණුම් මගින් තහවුරු කර ඇත. ISO/IEC 17025 ප්‍රමිතියට අනුකූල වන සේ අඩංගු විය යුතු සියළු කරුණු, අපගේ ක්‍රමාංකන වාර්ථාවල අඩංගුවේ. එම වාර්ථා ඔබගේ තත්ව කළමණාකරන පද්ධති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට හා ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීමට උපකාරී වනු ඇත.

රසායනාගාරය

This page is under constructions