govlk

SLS ලකුණු කිරිමේ ක්‍රමය-දේශීය

සහතික ලාංජන ක්‍රමයෙන් අත්වන වාසි

  • අලෙවිකරණය සඳහා අලෙවි ප්‍රවර්ධනයේදී SLS ලාංජනය ප්‍රධාන මෙවලමක් වේ.
  • SLS ලාංජනය තිබෙන නිෂ්පාදිත අනෙක් නිෂ්පාදිත වලින් වෙන්කොට දක්වන බැවින් තරඟකාරිත්වය උද්දීපනය කරයි.
  • SLS ලාංජනය නොමැති නිෂ්පාදන ආයතනවලට නිශ්චිතවම වඩා වාසි සහගත වේ.
  • පාරිභෝගික පැමිණිලි අඩුකරයි.
  • රාජ්‍ය අංශය SLS ලාංජනය සහිත නිෂ්පාදිත ගැනීමට පෙළඹෙන බැවින් වෙළඳපොල කොටස් වැඩිවීම සිදුවේ.
  • ආයතනයෙහි ප්‍රතිරූපය වැඩි දියුණු වන අතර සේවක මණ්ඩලයේ චිත්ත ධෛර්යය වැඩි දියුණු වීමෙන් ඵලදායිතාව වැඩිවේ.
  • ප්‍රමිතිවල පාරිභෝගික සහ නෛතික අවශ්‍යතා අන්තර්ගත වන බැවින්, නිෂ්පාදිත වඩා පිළිගත හැකි වේ.
  • පාරිභෝගිකයා - නිෂ්පාදකයා - ශ්‍රීලංප්‍රආ සම්බන්ධතා නිරතුරුවම උද්දීපනය වේ.
  • BSI, ISI යනාදී විදේශීය සහතික ලාංජන ලබා ගැනීම සදහා අත්තිවාරම යෙදේ.
  • පාරිභෝගිකයින්ට තත්ත්වය සාධාරණ ලෙස තහවුරු කළ හැකි නිෂ්පාදිත තෝරා ගැනීමට හැකි වේ.

බලපත්‍රයේ විෂය පථය

එකම ප්‍රමිතියකට අයත් වන එහෙත් වෙනස් වෙළඳ නාම යටතේ නිෂ්පාදනය කළ භාණ්ඩ හෝ නිෂ්පාදිත සදහා බලපත්‍ර වෙන වෙනම ලබාගත යුතුය. එකම වෙළද නාමය යටතේ නිෂ්පාදනය කරන එකම භාණ්ඩය හෝ නිෂ්පාදිතය කම්හල් කිහිපයක නිෂ්පාදනය කරන විට සෑම කම්හලක් සඳහාම වෙන වෙනම බලපත්‍ර ලබාගත යුතුය. එකම වෙළඳ නාමය යටතේ එකම භාණ්ඩය හෝ නිෂ්පාදිතය නිෂ්පාදනය කරන කම්හල් සියල්ලම අවශ්‍යතා වලට අනුකුලත්වය දක්වන්නේ නැතිනම් බලපත්‍රය නිකුත් කරනු නොලැබේ.

බලපත්‍රයකට ඉල්ලුම් කරන්නේ කෙසේද

භාණ්ඩයක හෝ නිෂ්පාදිතයක SLS ලාංජනය යෙදීම සඳහා කැමැත්තක් දක්වන නිෂ්පාදකයෙකු විසින් ප්‍රථමයෙන්ම එම භාණඩය/නිෂ්පාදිතය සඳහා ආයතනය මගින් අනුමත සහ ප්‍රකාශිත ශ්‍රී ලංකා ප්‍රමිතියක් තිබේද යන්න නිසැවකම දැනගත යුතුවේ. ඉල්ලුම් පත් ආයතනය මගින් නිකුත් කරන පෝරමයේ ඉදිරිපත් කල යුතු අතර යම් ප්‍රමිතියකින් ආවරණය වන සෑම භාණ්ඩයක් හෝ නිෂ්පාදිතයක් සදහා ඉල්ලුම් පත් වෙන වෙනම ඉදිරිපත් කළ යුතුවේ.

ඉල්ලුම්කරු විසින් භාණඩය හෝ නිෂ්පාදිතය එකම වෙළඳ නාමය යටතේ කම්හල් කිහිපයක නිෂ්පාදනය කරන්නේ නම්, සෑම කම්හලකම එකම වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ නිෂ්පාදිතය සඳහා සමකාලීන ලෙස ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.

වැඩි විස්තර සඳහා නිෂ්පාදිත සහතිකකරණ අංශයෙන් විමසන්න

(දුරකතන 2671567-72 දිගුව 225, 354, 584, 591,367,409, හෝ 593)

බලපත්‍රය නිකුත් කිරීමට පෙර ගයී

ඉල්ලුම් පතක් ලැබුණු විට ආයතනය විසින් ඉල්ලුම්පතෙහි සඳහන් තොරතුරු මත පදනම් වු තත්ත්ව ආරක්ෂණ සැකසුම් වල ප්‍රමාණවත්භාවය ඇගයීමට ලක් කරනු ලැබේ. ඉල්ලුම්කරු විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය පිරික්සීම සහ සත්‍යාපනය කිරීම සඳහා කම්හලේදි සිදුකරන විගණන සුදානම් කරනු ලැබේ. මිලදී ගැනීම, නිෂ්පාදනයේදී ක්‍රියාවලි පාලනය, උපකරණවල යෝග්‍යතාවය, පිරික්සීම සහ පරීක්ෂා කිරීම සඳහා පහසුකම්, පුහුණු කිරීම, වාර්තා පවත්වා ගැනීම, අවශ්‍ය සම්පත් සැපයීම යනාදිය පිළිබඳ විශේෂිත අවධානයක් යොමුකළ යුතුවේ.

ඉල්ලුම්කරු විසින්, ආයතනයේ විගණකවරුන්ට පරීක්ෂා කිරීමට අවශ්‍ය පරිදි කම්හලෙන් නියැදි ලබාගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුවේ.   විගණන පිරිවැය, නියැදි සඳහා පිරිවැය සහ පරීක්ෂණ ගාස්තු ඉල්ලුම්කරු විසින් දැරිය යුතුවේ.

නිෂ්පාදිතය ප්‍රමිතියේ සඳහන් අවශ්‍යතාවලට අනුකූලවේ නම් (අනුක්‍රමික (consecutive) නියැදි දෙකක අනුකූලත්වය පිරික්සීමෙන් සත්‍යාපනය කරන ලදුව) සහ තත්ත්ව පද්ධතිය සතුටුදායක ලෙස පවත්වා ගෙන යන බව තහවුරු වේ නම්, විගණන කණ්ඩායමක් විසින් අවසාන විගණනය පවත්වනු ලැබේ.

බලපත්‍රය නිකුත් කිරීම

පහත සඳහන් කොන්දේසි සපුරාලූ විට සහතික ලාංජනය භාවිතා කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කෙරේ.

  • නිර්දිෂ්ටකාලජේදයක්තුළලබාගත්අනුක්‍රමිකනියැදිදෙකක්පරීක්ෂාකළවිටඅදාළශ්‍රී ලංකා ප්‍රමිතියටඅනුකූලවීම; (පරීක්ෂාකළයුතුනියැදිසංඛාවනිෂ්පාදනයකරනවිවිධවර්ග/ප්‍රමාණමතරඳාපවතී.)
  • ලේඛනගතතත්ත්වකළමනාකරණපද්ධතියක්සතුටුදායකලෙසපවත්වාගැනීම
  • ඉල්ලුම්කරුවිසින්පොදුසහවිශේෂිතබලපත්‍රකොන්දේසිවලටඅනුවක්‍රියාකිරීමටඑකඟවීම
  • ඉල්ලුම්කරුවිසින්එක්අවුරුද්දකගාස්තුවගෙවීම

බලපත්‍රයක් නිකුත් කළ විට, නිෂ්පාදකයා විසින් SLS සංකේතය නිෂ්පාදිතයේ ප්‍රදර්ශනය කළ යුතුය.

බලපත්‍රයේ පශ්චාත් ඇගයීම්

නිරතුරුවම නිෂ්පාදිතය අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලවීම තහවුරු කිරීම වස්, තත්ත්ව පද්ධතිය සතුටුදායක ලෙස ක්‍රියාත්මක කිරීම සහ බලපත්‍ර කොන්දේසිවලට අනුකූලතාව සත්‍යාපනය කිරීම සඳහා නිෂ්පාදකයාගේ පරිශ්‍රයේදී , නිශ්චිත කාලච්ජේද වලදී විගණන පැවැත්විය යුතුය.

නිෂ්පාදකයාගේ පරිශ්‍රයෙන් / විවෘත වෙළඳපොලෙන් / සැපයූ පාර්ශවවලින් නිෂ්පාදිතයේ නියැදි

ලබාගෙන, අදාළ පිරිවිතරට අනුකූලත්වය පිරික්සීම සඳහා පරීක්ෂා කරනු ලැබේ.

බලපත්‍ර ලාභියා විසින් බලපත්‍ර කොන්දේසි වලට අනුකූල වන බව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සියලුම අවස්ථාවලදී අවශ්‍ය සහාය සහ සහයෝගය දක්වන බව තහවුරු කළ යුතුය.

 

බලපත්‍රයේ වලංගුතාවය

 

බලපත්‍රයක වලංගුතාවය අවුරුදු තුනක් වන අතර ඉන් අනතුරුව නියැදි අදාළ ප්‍රමිතියට අනුකූල වීම සහ තත්ත්ව පද්ධතිය සතුටුදායක ලෙස ක්‍රියාත්මක කිරීමෙන් බලපත්‍රය අළුත් කරගත හැකිය.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ ලාංජනය අනිසි ලෙස භාවිතා කිරීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත අනුව සහතික ලාංජනය අනිසි ලෙස භාවිතා කිරීම හෝ ගිවිසුමට විරුද්ධව ක්‍රියා කිරීම නීති විරෝධී ක්‍රියාවක් වේ. එවැනි නීති විරෝධි ක්‍රියාවලට පනත මගින් දඩ ගෙවීම සහ/ හෝ අවුරුදු දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම කර ඇත. තවද වෙළඳ භාණ්ඩය හෝ නිෂ්පාදිතය බාල තත්ත්වයේ නම් හෝ බලපත්‍ර ලාභියා විසින් බලපත්‍රය නිකුත් කිරීමේදී එකඟවු වෙනත් කොන්දේසිවලට අනුකූල විමට අපොහොසත් නම් ඕනෑම අවස්ථාවකදී බලපත්‍රය අවලංගු කළ හැකිය.

නිර්වජ්‍ය වැරදි වලට නිවැරදි කිරීමේ ක්‍රියාවන් ක්‍රියාත්මක කරනු ලැබේ.