විදේශීය නිෂ්පාදිත සඳහා SLS ලාංජනය ප්‍රදානය කිරීම පිළිබඳ ක්‍රියාවලිය
- 1.ඉල්ලුම් කිරීම
ඉල්ලුම්කරු විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ආකෘති පත්‍රය පුරවා ඉල්ලුම් කිරීමේ ගාස්තුව සමඟ ඉල්ලුම් කළ යුතුය. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්නා ශ්‍රී ලංකාවෙන් බැහැර නිෂ්පාදකයෙකු විය යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත සහ ක්‍රමයේ නීති සහ රෙගුලාසි සපුරාලන බවට ඉල්ලුම්කරු විසින් වගකීම බාර ගත යුතුය.
ඉල්ලුම්පත්‍රය සමඟ පහත සඳහන් ලේඛණ බාරදිය යුතුය.
- තත්ත්ව ආරක්ෂණපද්ධතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන (උදා: තත්ත්ව සංග්‍රහයේ පිටපතක්, තත්ත්ව සැලසුම, පරීක්ෂා ආකෘති යනාදිය):
- නිෂ්පාදන ක්‍රියාවලියේ සැකිල්ල (Outline) ; (ක්‍රියාවලියේ රේඛා චිත්‍රාත්මක නිරූපණය, ගැලීම් සටහන් යනාදියේ පිටපත්):
- පරීක්ෂණ පිළියෙල කිරීමේ විස්තර සහ ක්‍රමාංකන සහතික
- ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව දැක්වෙන ස්වාධීන (ප්‍රතීතනයලද) පරීක්ෂණාගාරයකින් ලබාගත් පරීක්ෂණ සහතිකය; සහ වෙනත් සහතිකකරණ පිළිබඳ විස්තර (නිෂ්පාදිත හෝ පද්ධති)
- USD
- 2.පුර්ව සහතිකකරණ විගණනය
- 2.1සහතිකකරණයට පෙර නිෂ්පාදකයාගේ පරිශ්‍රයෙහි විගණනයක් පැවැත්වීම අවශ්‍යවේ. ශ්‍රී ලංකා ප්‍රමිති
ආයතනය හෝ අපනයනය කරන රටෙහි ජාතික ප්‍රමිති ආයතනය හෝ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් පත්කරන ලද ප්‍රතීතනය ලද පිරික්සුම් ආයතනයක් විසින් මෙම සහතිකකරණයට පෙර විගණනය පැවැත්විය යුතුය. කෙසේ වෙතත් නිෂ්පාදකයාට මනා ලෙස ස්ථාපනය කළ තත්ත්ව පද්ධතියක් පිළිබඳ සෑහෙන සාක්ෂි තිබේ නම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අභිමතය පරිදි පුර්ව සහතිකකරණ විගණනය නොපවත්වා සිටිය හැකිය.
2.2 ඉල්ලුම්කරු ජාතික ප්‍රමිති ආයතනයෙන් හෝ වෙනත් පිළිගත් ආයතනයකින් සහතිකකරණයක් ලබාගෙන තිබේ නම්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අභිමතය පරිදි පුර්ව සහතිකකරණ විගණනය නොපවත්වා සිටිය හැකිය.
- 2.3ඉල්ලුම්පත්‍රපිරිසැකසුම් ගාස්තුව(processing fee)USD 150.00 (හෝ සමාන) වන අතර,ඉල්ලුම්කරු
විසින් ඇගයීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රී ලංප්‍රආ නිලධාරීන්ට, ශ්‍රීලංප්‍රආ රෙගුලාසි අනුව ගමන් වියදම්, නවාතැන් සහ දෛනික දීමනා ගෙවිය යුතුය.
2.4 පුර්ව-සහතිකකරණ ඇගයීම ශ්‍රීලංප්‍රආ නියෝජිතයෙකු විසින් සිදු කරන්නේ නම්, ගාස්තු සෘජුවම
සහතිකකරණය ලබා ගන්නා ආයතනය සහ නියෝජිතයා අතර සකස් කරගත යුතුය.
2.5 අවසාන ඇගයීම, ඉල්ලුම්කරු විසින් එකඟවු ශ්‍රීලංප්‍රආ උපදෙස් මාලා අනුව ශ්‍රීලංප්‍රආ විගණන
කණ්ඩායමක් විසින් සිදුකළ යුතුය.
3 බලපත්‍රය නිකුත්කිරීම
- 3.1නියැදි ලබාගැනීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ අපනයනය කරන රටෙහි ජාතික ප්‍රමිති ආයතනය
හෝ අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට නිෂ්පාදිතයේ අනුකූලත්වය අධීක්ෂණය කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පත්කරනු ලැබූ වෙනත් ප්‍රතීතනය ලද පිරික්සුම් ඒජන්සියක් මගින් සිදුකල යුතුය. නියැදිය සඳහා පරීක්ෂණ ගාස්තු ඉල්ලුම්කරු විසින් දැරිය යුතු වන අතර පරීක්ෂණාගාරය තෝරා ගැනීම ශ්‍රීලංප්‍රආ අභිමතය පරිදිවේ.
- 3.2අදාළ ශ්‍රීලංකා ප්‍රමිතියේ අවශ්‍යතා වලට අනුක්‍රමික නියැදි දෙකක් අනුකූල නම් සහISO 9001/2015
ට ආයතනයේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය අනුකූල නම් SLS සහතික ලාංජනය භාවිතා කිරීම සඳහා නිෂ්පාදකයාට බලපත්‍රය ලබාදේ.
- 3.3බලපත්‍රය අවුරුදු තුනක කාල සීමාවක් සඳහා වලංගුවේ.
4. පසුවිපරම් විගණන
- 4.1නියැදි ලබාගැනීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ අපනයනය කරන රටෙහි ජාතික ප්‍රමිතිආයතනය
හෝ අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට නිෂ්පාදිතයේ අනුකූලත්වය අධීක්ෂණය කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පත්කරනු ලැබූ වෙනත් ප්‍රතීතනය ලද පිරික්සුම් ඒජන්සියක් මගින් සිදුකළ යුතුය. නියැදිය සඳහා පරීක්ෂණ ගාස්තු ඉල්ලුම්කරු විසින් දැරිය යුතුය. නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ හෝ ඉල්ලුම්කරුගේ රටෙහි පරීක්ෂා කළ හැකි අතර පරීක්ෂණාගාරය තෝරා ගැනීම ශ්‍රීලංප්‍රආ අභිමතය පරිදිවේ.
- 4.1.1විගණනය ශ්‍රීලංප්‍රආ මගින් සිදුකරන්නේ නම් ඉල්ලුම්කරු විසින් ඇගයීම සඳහා පත්කරනු ලැබූ
ශ්‍රීලංප්‍රආ නිලධාරියාට, ශ්‍රීලංප්‍රආ රෙගුලාසි අනුව ගමන් වියදම්, නවාතැන් සහ දෛනික දීමනා සඳහා ගාස්තු ගෙවිය යුතුය.
- 4.1.2විගණනය වෙනත් පිළිගත් ආයතනයක් මගින්සිදු කරන්නේනම් ගාස්තු සෘජුවම ආයතනය සහ
නියෝජිතයා අතර සකස් කරගත යුතුය.
- 4.2පසුවිපරම් විගණනය තුලදී නියැදි ලබාගත යුතුය. පරීක්ෂා කිරීම් නිෂ්පාදකයාගේපරීක්ෂණාගාරයතුලදී හෝ වෙනත් ස්වාධීන පරීක්ෂණාගාරයක්තුල සිදුකළ හැකිය. බලපත්‍ර ලාභියා විසින් පරීක්ෂණ ගාස්තු දැරිය යුතුය. පරීක්ෂණ වාර්තාව ශ්‍රීලංප්‍රආ ට ඉදිරිපත් කළ යුතුය.
- 4.2.1බලපත්‍රය වලංගු කාලය තුලදී වෙළඳ පොලෙන්ද නියැදි ලබා ගනී. ශ්‍රී ලංකාව තුලදීවෙළඳ පොලෙන් ලබා ගන්නා නියැදි සඳහා පරීක්ෂණ ගාස්තු ශ්‍රීලංප්‍රආ විසින් දරනු ලැබේ.
- 5.බලපත්‍රය අළුත් කිරීම
බලපත්‍ර ලාභියා විසින් බලපත්‍රය ඉකුත්වන දිනට මාස තුනකට පෙර බලපත්‍රය අළුත් කිරීමේ ගාස්තුව USD 150.00 (හෝ සමාන) සහිතව ශ්‍රීලංප්‍රආ ට දැනුම් දිය යුතුය. බලපත්‍ර ලාභියාගේ ඇගයීමේ කාර්ය සාධනය මත පදනම්ව බලපත්‍රය නැවතත් අවුරුදු තුනක් සඳහා අළුත්කරනු ලැබේ.
- 6.ශ්‍රීලංප්‍රආ සමග ගිවිසුම
බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කොන්දේසි සඳහා ශ්‍රීලංප්‍රආ සමග ගිවිසුමකට එළැඹිය යුතුය.
සටහන: ශ්‍රීලංප්‍රආ සමඟ ගිවිසුමෙහි නීතිමය වගකීමෙන් ආරක්ෂා වීම, SLS සහතික ලාංජනය අනිසි ලෙස භාවිතා කිරීම, බලපත්‍රය ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්කර ගැනීම හෝ අවලංගු කිරීම යනාදි වගන්ති අන්තර්ගත වේ.
බෝතල් කළ පානීය ජලය නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට (MOH) නිර්දේශ කිරීම
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රීලංප්‍රආ අතර ඇති ගිවිසුම පරිදි, පිරික්සුම් සිදුකිරීම සඳහා පිරික්සුම් ආයතනය ශ්‍රීලංප්‍රආ වන අතර බෝතල් කළ පානීය ජලය නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීම සදහා MOH ට අනුමැතිය ලබාදීම සඳහා නිර්දේශ කරනු ලැබේ.
අනුමැතිය ලබාදීමට පෙර ඇගයීම
ඉල්ලුම් පත්‍රයක් ලැබුණු විට ආයතනය විසින්, ඉල්ලුම් පත්‍රයේ සදහන් තොරතුරු පදනම් කොට තත්ත්ව ආරක්ෂණය පිළිබඳ සූදානම් වීමේ ප්‍රමාණවත්භාවය ඇගයීමට ලක් කරනු ලැබේ. ඉල්ලුම්කරු විසින් යොදා ගත් තත්ත්ව කළමානාකරණ පද්ධතිය පරීක්ෂා කිරීම සහ සත්‍යාපනය කිරීම පිණිස කම්හල් පරිශ්‍රයේදී විගණනයක් පවත්වනු ලැබේ. නිෂ්පාදනයේදී පාලනය, උපකරණවල උචිතභාවය, පිරික්සුම් සහ පරීක්ෂා කිරීමේ පහසුකම්, පුහුණු කටයුතු, වාර්තා පවත්වා ගැනීම, අවශ්‍ය සම්පත් සැපයුම යනාදිය පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ.
ජල භූවිද්‍යා වාර්තාවට සහ ඒ යටතේ කරන ලද නිර්දේශ වලට, ජල සම්පතෙහි උචිතභාවය, පරිමිති ආරක්ෂාව, බෝතල් කළ පානීය ජලය සඳහා වු භාවිත සංග්‍රහය පිළිපැදීම සහ ජල ප්‍රභවයේ සහ අවසාන නිෂ්පාදිතයේ අනුක්‍රමික නියැදි දෙකක් අදාළ ප්‍රමිතිවලට අනුකූලතාවය දැක්වීම යනාදිය පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කරනු ලැබේ.
බලපත්‍රය නිකුත් කිරීම
එම අවශ්‍යතා සතුටුදායක ලෙස සපුරාලීමෙන් පසු අවු. 1 කට කාලීන (provisional) ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ කිරීම සහ නියැදි සැලසුම අනුව තත්ත්වයේ ස්ථිරතාව (consistent) සත්‍යාපනය කිරීම සඳහා අඛණ්ඩ පරීක්ෂා කිරීමෙන් පසුව, පුර්ණ ලියාපදිංචි කිරීම නිර්දේශ කරනු ලැබේ.
ලියාපදිංචි කිරීමේ වලංගුතාවය
M.O.H. ගේ ඉල්ලීම පරිදි ලියාපදිංචි කිරීම අළුත් කිරීම සඳහා විගණන සුදානම් කරනු ලැබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
නිෂ්පාදිත සහතිකකරණ ක්‍රමය (SLS ලාංජන ක්‍රමය)
ප්‍රකාශ
1) නිෂ්පාදිතය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයක් තිබිය යුතුය.
2) නිෂ්පාදකයා සහ වෙළඳ නාමය අයිතිකරු නෛතිකව ලියා පදිංචි විය යුතුය.
3) වෙළඳ නාමය ලියාපදිංචි කර තිබිය යුතුය.
4) නිෂ්පාදිතය/වෙළඳ නාමය සහ නිෂ්පාදනයේ පිහිටීම (location) විශේෂිතව ඉල්ලුම් පත්‍රයේ සදහන් කළ යුතුය.
5) එකම වෙළඳ නාමය යටතේ එකම නිෂ්පාදිතය එක පිහිටීමකට (location ) වඩා නිෂ්පාදනය කරන්නේ නම්, සෑම පිහිටීමකටම සමගාමිව ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුතුය.
6) විදේශීය නිෂ්පාදකයින් සඳහා, ISO 9001 සහතිකකරණය ලබා ගැනීම පුර්වාවශ්‍ය කරුණක් වේ.
7) අදාළ පරිදි නිෂ්පාදිතයේ විශේෂිත පුර්වාවශ්‍ය කරුණු සපුරාලිය යුතුවේ.
8) විශේෂිත නිෂ්පාදිත සඳහා පුර්වාවශ්‍ය කරුණු
i) සිමෙන්ති
a) නිෂ්පාදිතය SLS 107:2008 හි නිර්දිෂ්ට පරීක්ෂා ක්‍රම අනුව පරීක්ෂා කිරීම සඳහා ආයතනයට පරීක්ෂණ පහසුකම් තිබිය යුතුය. විශේෂයෙන්ම ISO 679 අනුව පහත සඳහන් පාරිසරික තත්ත්ව යටතේ සම්පීඩන ශක්තිය සඳහා
i) සම්පුර්ණ පරීක්ෂා ක්‍රියාවලිය තුල උෂ්ණත්වය 27 + 2 0C පාලනය කළ යුතුය.
ii) අවම ආර්ද්‍රතාව පහත වගුවේ දී ඇති පරිදි විය යුතුය.
පිහිටීම |
අවම ආර්ද්‍රතාව % |
මිශ්‍ර කරන කාමරය |
65 |
තෙත පදම්කිරීමේ කාමරය |
90 |
සම්පීඩක ශක්තිය පරීක්ෂා කරන කාමරය |
50 |
b) එම පරීක්ෂා ක්‍රමයට ප්‍රතීතනය ලද පරීක්ෂණාගාරයකින් SLS 107 පරිදි සෑම සුමුවක්ම පරීක්ෂා කර ගැනීමට හැකිවිය යුතුය.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන විට පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ යුතුය.
· ඉහත දැක්වෙන a) සම්බන්ධව නිෂ්පාදකයාගේ ප්‍රකාශය
· ඉහත දැක්වෙන b) සම්බන්ධව ප්‍රතීතනය ලද පරීක්ෂණාගාරයේ නම සහ ලිපිනය සහ නියැදියක් පරීක්ෂණාගාරයට බාර දීමට ගතවන කාලය (ප්‍රවාහනය කරන අන්දම දැක්වෙන) දැක්වෙන ලිපියක් ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සෑම නැව්ගත තොගයකටම වාර්තා ලබාගැනීමේ ප්‍රායෝගිතාව ඇගයීමට ලක්කරනු ලැබේ.
ii) CFL බල්බ: ආයුකාලය සඳහා ප්‍රතීතනය ලද පරීක්ෂණාගාරයකින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා තිබිය යුතුය.
9) අනුක්‍රමික නියැදි දෙකක් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති අවශ්‍යතාවලට අනුකූලත්වය දැක්වෙන්නේ නම් සහ සහතික ක්‍රමයේ අවශ්‍යතා අනුව සතුටුදායක ලෙස තත්ත්ව කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම, ලේඛණගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුවී ඇත්නම්, ඉල්ලුම්කරු සතුටුදායක ලෙස සැලකිය හැකිය.
CFL බල්බ: ආයුකාලය සඳහා ප්‍රතීතනය ලද පරීක්ෂණාගාරයකින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා තිබිය යුතුය.
අනුක්‍රමික නියැදි දෙකක් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති අවශ්‍යතාවලට අනුකූලත්වය දැක්වෙන්නේ නම් සහ සහතික ක්‍රමයේ අවශ්‍යතා අනුව සතුටුදායක ලෙස තත්ත්ව කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම, ලේඛණගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුවී ඇත්නම්, ඉල්ලුම්කරු සතුටුදායක ලෙස සැලකිය හැකිය.