govlk

පැණ විසදුම්

1.  ප්‍රමිති ආයතනයේ පුස්තකාලය පරිහරණය කළ හැකි පාඨකයන් වන්නේ කවුරුන්ද? පොදු ජනතාව සඳහා මෙම පුස්තකාලය විවෘත ද?

පොදු ජනතාවට කිසිදු අය කිරීමකින් තොරව ප්‍රමිති ආයතන පුස්තකාලය පරිහරණය කොට තොරතුරු ලබා ගත හැකි වුවත් පොත්පත් රැගෙන යාමේ වරප්‍රසාදය හිමි වන්නේ මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් පාඨකයන් සඳහා පමණි.

2. ඔබ පුස්තකාලයෙන් පොත්/වාර සගරා ආදිය බැහැර ගෙන යෑමට අනුගමනය කළ යුතු ක්‍රියා පාටිපාටිය කුමක්ද?

පොත්/වාර සගරා ආදිය බැහැර ගෙන යාම සඳහා පුස්තකාල සාමාජිකත්වය අනිවාර්යෙන්ම තිබිය යුතුය. අදාල තොරතුරු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වෙබ් අඩවියේ සාමාජිකත්ව ක්‍රියාපටිපාටියට (membership Scheme) පිවිසීමෙන් ලබා ගත හැකිය.

3.ඔබ පුස්තකාල සාමාජිකත්වය ලබා ගත යුත්තේ කෙසේද?

ප්‍රමිති ආයතනයේ පුස්තකාල සාමාජිකත්වය පුද්ගල සාමාජිකත්වය (Individual Members) හා ආයතන සාමාජිකත්වය (Subcriber Members) ලෙස වර්ග දෙකක් යටතේ පවතින බැවින් ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන සාමාජිකත්වයට අදාල අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර එහි ඇති අවශ්‍යතාව මත ආකෘති පත්‍රය ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාල ගාස්තුව ගෙවා පුස්තකාල කවුන්ටරය වෙත ලබා දිය යුතුය. ඔබට අදාල සාමාජිකත්ව කාඩ්පත් එහිදී නිකුත් කිරීම සිදු කරනු ලැබේ.

 පුද්ගල සාමාජිකත්වය - රු. 1000.00ක (වාර්ෂිකව) සාමාජික ගාස්තුවක්   සමඟ සාමාජිකත්වය අහෝසි කරන අවස්ථාවේදී ආපසු ගෙවීමේ පදනම මත රු 1500.00 ක තැන්පතුවක් තැබිය යුතුය.

(+ 15% VAT + 2% NBT)

 ආයතන සාමාජිකත්වය - රු. 5000.00ක (වාර්ෂිකව) සාමාජික ගාස්තුවක්

(+ 15% VAT + 2% NBT)

4. සාමාජිකයකුට කොපමණ පොත් සංඛ්‍යාවක් බැහැර ගෙන යා හැකිද?

  • ආයතන සාමාජිකයකු   (Subcriberසඳහා වරකට පොත් 08ක් හා වාර සඟරා ( Journals ) 02ක් බැහැර ගෙන යා හැකිය.
  • පුද්ගල සාමාජිකයකු   (Individual Members)සඳහා වරකට පොත් 02ක් හා වාර සඟරා ( Journals ) 01ක් බැහැර ගෙන යා හැකිය.

5.   ඔබට පොත්/වාර සඟරා (Journals) කොපමණ කාලයක් ළඟ තබා ගත හැකිද?

                    මාසයක කාලයක් පමණි.

6.   ඔබ ළඟ තබා ගත් පොත් / වාර සඟරා (Journals ) ළඟ තබා ගැනීමේ කාලය දීර්ඝ කර ගත හැකිද?          

ළඟ තබා ගැනීමේ කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව විද්‍යුත් පණිවිඩයක්/ දුරකථන ඇමතුමක් මඟින් පුස්තකාලය දැනුවත් කර පොත් ළඟ තබා ගැනීමේ කාලය තවත් මාසයක් දීර්ඝ කර ගත හැකිය.

7. වෙනත් සාමාජිකයකු බැහැර ගෙන ගිය පොතක් /වාර සඟරාවක් (Journals) ඔබට අවශ්‍ය වුවහොත් කුමක් කළ යුතුද?

විද්‍යුත් තැපැල/ දුරකථන ඇමතුමක් මඟින් පුස්තකාලය වෙත දැනුම් දී අදාල පොත/වාර සඟරා (Journals) ඔබ වෙනුවෙන් වෙන් කර තබා ගත හැකිය. (මෙහිදී අදාල පොත/ වාර සඟරාව නැවත පුස්තකාලය වෙත ලබා දීමෙන් පසුව ඔබ වෙත නිකුත් කරනු ලැබේ.)

8.   ඔබ ලබා ගත් පොත්/ වාර සඟරා (Journals) ආපසු භාර දීමේ දිනය ඉකුත් වී ඇති බව දැන ගන්නේ කෙසේද?

ඔබ පොත්/ වාර සඟරා ආපසු භාර දිය යුතු දිනය පොතේ දෙවන පිටුව මත අලවා ඇති කඩදාසියේ සටහන් කර ඇත.

9.   පුස්තකාල සාමාජිකත්වය ඉකුත් වී ඇති විට හෝ රැගෙන යන පොතක ආපසු භාර දීමේ දිනය ඉකුත් වී ඇති විටක දැනුම් දීමක් සිදු කරන්නේද?                                                                                                                            

විද්‍යුත් තැපැල හෝ ලිපියක් මඟින් පුස්තකාල සාමාජිකත්වය ඉකුත් වී ඇති බව හෝ රැගෙන යන පොතක ආපසු භාර දීමේ දිනය ඉකුත් වී ඇති බව දැනුම් දීමක් සිදු කරනු ලැබේ. එබැවින් ඔබ විසින් ලබා දී ඇති පුද්ගලික තොරතුරු වෙනස් වන්නේ නම් පුස්තකාලය වෙත දැනුම් දීමට කාරුණික වන ලෙස දන්වමි. තවද ඔබ විසින් ලබා ගන්නා ලද පොත්/ වාර සඟරා (Journals) නැති වීම හෝ විනාශ වීමේ අවස්ථාවකදී පොතේ වටිනාකම සමඟ දඩ මුදලක් ද සහ ආපසු භාර දීමේ දිනය ඉකුත් වූ විට දඩ මුදලක් ගෙවීමට සිදු වේ.

10. පොතක් නැති වූ විට ආයතනය විසින් සාමාජිකයාගෙන් කොපමණ මුදලක් අයකර ගනු ලබන්නේද?                                             

පොතේහි සඳහන් වටිනාකම හා ආයතනයේ දැනට ක්‍රියාත්මක වන නීති හා රෙගුලාසිවලට අනුකූලව ගණනය කරනු ලබන මුදලක් ගෙවිය යුතුය.

 11. පුස්තකාලයෙන් පොත් මිලදී ගත හැකිද?                                                                                             

පොත්/වාර සඟරා මිලදී ගත නොහැකි වුවත් ශ්‍රී ලංකා ප්‍රමිතින් සහ ජාත්‍යන්තර ප්‍රමිතින් ඇතුලුව විදේශිය රටවල ජාතික ප්‍රමීතින් මිලදී ගත හැකිය.

ISO, IEC, British සහ ASTM ප්‍රමිතින් අදාල වෙබ් අඩවි හරහා බාගත කිරීම සිදු කරන බැවින් ප්‍රමිතියේ සඳහන් වටිනාකම අනුව ආයතනය මඟින් ලබා දෙන වටිටමට අදාලව අයවිය යුතු මුදල පමණක් ගෙවිය යුතු වුවත් වෙනත් විදේශීය රටවල ජාතික ප්‍රමිතින් මුද්‍රිත පිටපත් අදාල විදේශීය ජාතික ප්‍රමිති ආයතන මඟින් ගෙන්වා ගත යුතු බැවින් ප්‍රමිතියට අදාල වටිනාකමට අමතරව අයවිය යුතු අනෙකුත් ගාස්තු ද ගෙවිය යුතුය.

                    ප්‍රමිති ආයතනය මඟින් මිලදී ගනු ලබන ප්‍රමිති සඳහා පහත පරිදි වට්ටම් ලබා දෙනු ලැබේ.

  1. ISO = 25%
  2. IEC= 10%
  3. British= 10%
  4. ASTM= 10%

12. ප්‍රමිතියක වටිනාකම පිළිබඳ තොරතුරු ලබා ගන්නේ කෙසේද?                                     

අවශ්‍ය ප්‍රමිති සමඟ ඊට අදාල ප්‍රමිති අංකය (අදාල ප්‍රමිති අංකය ප්‍රමිති ආයතන වෙබ් අඩවිය හරහා සොයා ගත හැකිය.) දන්නේ නම් අදාල තොරතුරු විද්‍යුත් තැපැල ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)  හෝ ලිපියක් මඟින් ආයතනය වෙත ඉල්ලීමක් යොමු කර අදාල මිල ගණන් ලබා ගත හැකිය. එසේම දුරකථන ඇමතුමක් හරහා ද අදාල මිල ගණන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

13. පුස්තකාලයෙන් ලබා දෙන සේවාවන් සම්බන්ධව ඔබගේ යෝජනා හා චෝදනා ලබා දිය යුතු ආකාරය?            

ඔබගේ යෝජනා හා චෝදනා පුස්තකාලයේ පවතින යෝජනා ලේඛනයේ සටහන් කොට අපගේ සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකිය.

14. ඔබට අවශ්‍ය පොත්/වාර සඟරා සහ ශ්‍රී ලංකා ජාතික ප්‍රමිතීන් පුස්තකාලය සතුව පවතින්නේද යන්න සොයා බැලීම සිදු කරන ආකාරය?    

www. slsi.lk වෙබ් අඩවියට පිවිසිමෙන් පුස්තකාල ප්‍රකාශන සහ ශ්‍රී ලංකා ප්‍රමිති හරහා අදාල තොරතුරු සොයා ගත හැකිය. මෙහිදී පුස්තකාලයට පැමිණ පොත් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ පහසුව හා පුස්තකාල නිලධාරීන්ගේ පහසුව සඳහා පොතේ නම, කර්තෘ, ඇමතුම් අංකය (ඇමතුම් අංකය ඉතා වැදගත් වේ. මක් නිසාද යත් අදාල පොත ගබඩා කර ඇති ස්ථාන සොයා ගැනීමට පහසු වේ.)   සටහන් කර ගැනීම වැදගත් වේ. මේ සඳහා අපගේ පුස්තකාලය සතු විද්‍යුත් ගොනුව භාවිතා කරන්න.

15. පුස්තකාලය විවෘතව පවතින දිනයන් හා වේලාවන් :  

සෑම සතියේ දිනකම (රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හැර)   සහ සෑම මාසයකම පළමු හා තුන්වන සෙනසුරාදා හා දෙවන හා හතරවන ඉරිදා දිනකම (මෙම දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට රජයේ නිවාඩු යෙදීමෙන් වෙනස් විය හැකිය.) 0830 පැය සිට 1615 පැය වන තුරු පුස්තකාල විවෘතව ඇත

16.  ඉහත තොරතුරු මඟින් ඔබගේ ගැටලුවලට පිළිතුරු ලබා ගත නොහැකි වුවහොත් වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දුරකථන අංක හා ලිපිනයන් හරහා අප සමඟ සම්බන්ධ විය හැකිය.  

විද්‍යුත් ලිපිනය             :       This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

දුරකථන අංක / ැක්ස්   :   අධ්‍යක්ෂ     +94112672615                                                                                                      

                                         පුස්තකාල කවුන්ටරය  +94112671567-72                                                    

ැක්ස්                           :  +94112671553

ලිපිනය                       : ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ( තුන්වන මහළ)                                                                                                                                                               අංක 17, වික්ටෝරියා පෙදෙස,(විද්‍යුත් නියාමන කොමිසම අසළ)                                                                                                                                    ඇල්විටිගල මාවත, කොළඹ 08.                                                                                                              

බස් මාර්ග අංක   :   103,135,178

බස්නැවතුම       : ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණය, නිරෝමි වෙළඳ සල                                                                                     

                           ( බොරැල්ල සිට නාරාහේන්පිට දෙසට ගමන් කරන අවස්ථාවකදී)                                            

                          : විද්‍යුත් නියාමන කොමිසම                                                                                                                                                              

                           (නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට ගමන් කරන අවස්ථාවකදී)