ප්‍රලේඛන හා තොරතුරු අංශය

ප්‍රලේඛන හා තොරතුරු අංශය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛන හා තොරතුරු අංශය, ජාතික හා අන්තර් ජාතික ප්‍රමිති , තාක්ෂණික රෙගුලාසි, ප්‍රමිතිකරණ හා තත්ත්ව කළමනාකරණ ආශ්‍රිත තොරතුරු ඇතුළත්ව පුළුල් විෂය පරාසයකට අයත් නවතම හා විශේෂිත තොරතුරු ප්‍රජාවට හා අනෙකුත් පාර්ශ්වයන් වෙත බෙදාහැරීම සිදුකරන එ් කම තොරතුරු මධ්‍යස්ථානය් වේ. ප්‍රලේඛන හා තොරතුරු අංශය අන්තර් ජාතික ප්‍රමිතීන් (ISO) විවිධ පාර්ශ්ව වෙත ලබා දීම මෙන්ම අන්තර් ජාතික ප්‍රමිති සම්පාදනය සදහා අවශ්‍ය පහසුකම් අනෙකුත් නිළධාරීන් වෙත තාක්ෂණික කමිටු හරහා ලබා දීම මගින් සහයෝගය දක්වනු ලැබේ.

තවද, ප්‍රලේඛන හා තොරතුරු අංශය ලෝක වෙළද සංවිධානයේ, වෙළදාම පිළිබදව පවතින තාක්ෂණික බාධා පිළිබද ගිවිසුමට (WTO/TBT) අදාළ ජාතික අවශ්‍යතා සපුරාලීම සහ ලෝක වෙළද සංවිධානයේ විමසුම් මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින් අන්තර් ජාතික වෙළදාම සම්බන්ධව පවතින ගැටලු පිළිබදව විවිධ පාර්ශ්වයන් සදහා ඔවුන්ට අදාළ පහසුකම් සැපයීමද සිදුකරනු ලබයි. වගකීම් දරණ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස, ලෝක වෙළද සංවිධානය මගින් මාසික නිකුත් කරනු ලබන දැනුම් දීම් ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ට බෙදා හැරීම එම දැනුම් දීම් ආයතනයේ වෙබ් අඩවියට උඩුගත කිරීමත් සිදුකරනු ලබයි.


පුස්තකාලය විවෘත කරන දිනයන්

  • පැය 0830 සිට පැය 1615 දක්වා (සඳුදා සිට සිකුරාදා දක්වා) විවෘතව පවතී
  • සෑම මසකම පළමු සහ තෙවන සෙනසුරාදා
SLSI පුස්තකාල තොරතුරු

අප ලබා දෙන සේවාවන්

Go Back