බලශක්ති ලේබල් කිරීම

බලශක්ති ලේබල් කිරීම

විදුලි ලාම්පු, ශීතකරණ, පරිගණක, වායු සමීකරණ, විදුලි මෝටර වැනි අකාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සහභාගීත්වය සහ දායකත්වය ඇතිව බලශක්ති ලේබල් කිරීම ආරම්භ කර ඇතබලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම් සහ අවම බලශක්ති කාර්ය සාධනය ලෙස ලේබල් වර්ග දෙකක් නිකුත් කෙරේ.

බලශක්ති ලේබල් දත්ත

බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීමේ ලේබල

බලශක්ති කාර්යක්ෂමතා ශ්රේණිගත කිරීමේ ලේබලය විශේෂිත උපකරණ හා මෙවලම්වල බලශක්ති කාර්ය සාධනය පෙන්නුම් කරයි. එය පාරිභෝගිකයින්ට කිසියම් ආකෘතියක් භාවිතා කිරීමට කොපමණ පිරිවැයක් වැය වේද යන්නත්, තරු ගණනින් සමාන මාදිලිවලට සාපේක්ෂව එය කෙතරම් බලශක්ති කාර්යක්ෂම වේද යන්නත් තේරුම් ගැනීමට ඉඩ සලසයි. වැඩි තරු අදහස් වන්නේ වඩා කාර්යක්ෂම බවයි.

බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීමේ ලේබල් පාරිභෝගිකයින්ට පහත නිෂ්පාදනවල බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු සපයයි;

  • සංයුක්ත ප්‍රතිදීප්ත ලාම්පු (CFL)
  • නියාමක සමඟ 1400 mm (56") ස්වීප් විෂ්කම්භය සහිත විදුලි සිවිලිම් පංකා.
  • සාමාන්‍ය යෙදුම් සඳහා ආලෝක විමෝචක ඩයෝඩ (LED) ලාම්පු මොඩියුලය (පැනල් ලාම්පුව)
  • තනි බෙදුණු (Single Split) ආකාරයේ කාමර වායු සමීකරණ

අවම බලශක්ති කාර්ය සාධන ලේබල

අවම බලශක්ති කාර්ය සාධන ලේබලය විශේෂිත උපකරණ හා මෙවලම්වල බලශක්ති කාර්ය සාධනය පෙන්වයි. යම් ආකෘතියක් භාවිතා කිරීමට කොපමණ පිරිවැයක් වැයවේද යන්න සහ සමාන මාදිලිවලට සාපේක්ෂව එය කෙතරම් බලශක්ති කාර්යක්ෂම විය හැකිද යන්න පාරිභෝගිකයින්ට Lumen / Watt සංසන්දනය කිරීමෙන් තේරුම් ගැනීමට ඉඩ සලසයි. වොට් එකක් සඳහා වැඩි lumen අගයක් යනු වඩා කාර්යක්ෂම වේ.

අවම බලශක්ති කාර්ය සාධනය පාරිභෝගිකයින්ට පහත නිෂ්පාදනවල බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු සපයයි;

  • සාමාන්‍ය යෙදුම සඳහා ආලෝක විමෝචක ඩයෝඩ (LED) ලාම්පු
  • පරිගණක
  • ශීතකරණ
Go Back