ආනයන හා අපනයන නිෂ්පාදනවල තත්ත්ව ආරක්ෂණය

ආනයන හා අපනයන නිෂ්පාදනවල තත්ත්ව ආරක්ෂණය

Back

ප්‍රමිතීන් ප්‍රශස්ත අවශ්‍යතා නියම කරන බැවින් ජාතික ප්‍රමිතීන් භාවිතා කිරීමත් සමඟ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඵලදායී ලෙස සහතික කළ හැකි බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි අදහසයි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය තීරණය කිරීමේ සාධකයක් ලෙස කර්මාන්ත සහ වෙළදාමේදී ප්‍රමිතීන් භාවිතා කරන බව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුළ සුදුසු අධීක්ෂණ අංශයක් තිබීම අවශ්‍ය වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්ත්ව සහතික අංශය ස්ථාපිත කර ඇත.සෞඛ්‍ය සහ සුරක්ෂිතභාවය වැනි සාධක මත හඳුනාගෙන ආනයනය කරන ලද ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කරන ආනයන පරීක්‍ෂණ ක්‍රමයක් මෙම අංශය ක්‍රියාත්මක කරයි. මෙමගින් පාරිභෝගිකයන් ප්‍රමිතියෙන් තොර බාල ආනයනික නිෂ්පාදන වලින් ආරක්ෂා වීම සහතික කරයි. එමෙන්ම මෙම යෝජනා ක්‍රමය, ලාභ අඩු ගුණාත්මක භාණ්ඩ නික්ෂේපනය කිරීමට එරෙහිව කටයුතු කරන බැවින් මෙමගින් දේශීය කර්මාන්තකරුවන්ට ද ආරක්ෂාව සැලසේ.

කුරුඳු වැනි ක්ෂේත්‍රවල අපනයනකරුවන්ට පහසුකම් සැලසීම සඳහා, ස්වේච්ඡා පදනම යටතේ ක්‍රියාත්මක වන පූර්ව අපනයන සුදුසුකම් යෝජනා ක්‍රමයක්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ස්ථාපිත කර ඇත.

Go Back