කළමනාකරණ පද්ධතිවල අනුකූලතා තක්සේරුව

කළමනාකරණ පද්ධතිවල අනුකූලතා තක්සේරුව

Back

වඩාත් ඵලදායී සහතික කිරීමේ සේවාවක් ලබා දීම සඳහා ආයතනය සතුව විවිධ ක්ෂේත්‍රයන් හි පළපුරුද්ද සහ සුදුසුකම් ලත් ප්‍රධාන විගණක වරුන් ගේ සවිමත් සංචිතයක් ඇත. මෙම සේවාවන් සඳහා වැඩිවන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, පද්ධති සහතික කිරීමේ අංශය අවශ්‍ය අවස්ථාවලදී හොඳින් සුදුසුකම් ලත් බාහිර විගණකවරුන්ගේ සේවය ද ලබා ගනී. ISO 9001 මත පදනම් වූ තත්ත්ව කළමනාකරණ පද්ධති සහතික කිරීමේ යෝජනා ක්‍රමය, ISO 14001 පදනම් කරගත් පාරිසරික කළමනාකරණ පද්ධති සහතික කිරීමේ යෝජනා ක්‍රමය සහ ISO 22000/HACCP පදනම් කරගත් ආහාර සුරක්ෂිතතා කළමනාකරණ සහතික කිරීමේ යෝජනා ක්‍රමය ලෝකයේ ලෝක ප්‍රකට ප්‍රතීතන ආයතන වන නෙදර්ලන්තයේ RvA විසින් සහ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් පිළිගෙන ඇත.

එබැවින් මෙම යෝජනා ක්‍රම යටතේ නිකුත් කරන සහතික ජාත්‍යන්තරව පිළිගැනේ. එබැවින් ශ්‍රී ලාංකේය සංවිධානවලට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතික ලබා ගැනීමට මෙම සේවාව භාවිතා කළ හැකිය.

Go Back