ජාතික ප්‍රමිති සකස් කිරීම

ජාතික ප්‍රමිති සකස් කිරීම

Back

ප්‍රමිතිකරණය තුළින් ආර්ථිකය, පාරිභෝගික සෞඛ්‍ය සහ ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව සහ සන්නිවේදනය යන ක්‍ෂේස්ත්‍රයන්හි ගුණාත්මක භාවය ඉහළ නංවාලීමට මග පාදයි. මේ අනුව, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමත්, වෙළඳ කටයුතු සඳහා පහසුකම් සැලසීමත් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම තුළින් එහි කාර්යභාරය පුළුල් ලෙස පවත්වාගෙන යනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ක්‍ෂේස්ත්‍රවල ව්‍යාපාර කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් භාවිත කළහැකි, තාක්‍ෂණික ප්‍රමිතීන් සම්පාදනය කරනුලබයි. මෙම ප්‍රමිතීන් මගින් යහපත් ව්‍යාපාරික ක්‍රියාකාරකම් මෙන් ම තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමට ද දායකත්වය ලබාදෙයි. තවද, ප්‍රමිතිකරණය තුළ තාක්‍ෂණික අභිවෘද්ධිය ඇති කිරීම සහ තාක්‍ෂණය හුවමාරු කරගැනීමටද පහසුකම් සලසන අතර ගුණාත්මකභාවය සහ ආරක්‍ෂාව ඍජුවම අන්තර්ගතව ඇත. වෙළඳ කටයුතු පහසු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වන්නේ ගුණාත්මකභාවයයි. පාරිභෝගිකයින් සහ සියලුම පාර්ශවකරුවන් ප්‍රමිති මගින් මෙම කරුණු දැනුවත් කරනු ලැබේ. ප්‍රමිතිවල වැදගත්කම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ඒ ඒ ක්ෂේත්‍රවල ජාතික ප්‍රමිති සම්පාදනය කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශය සහ ඉංජිනේරු ප්‍රමිතිකරණ අංශය ලෙස තාක්ෂණික අංශ දෙකක් ස්ථාපිත කර ඇත.

විෂයට අදාළ සියලු පාර්ශවයන්ගේ සියලු අවශ්‍යතා පිළිබඳ සලකා බැලෙන පරිදි සාමුහික එකඟත්වයන් මෙන්ම සාමුහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකා ප්‍රමිති සම්පාදනය කරනුලබයි. නිෂ්පාදකයින්, පාරිභෝගිකයින්, පරිශීලකයින්, රාජ්‍ය ආයතන, ස්වාධීන තාක්ෂණික සංවිධාන සහ විද්වතුන් නියෝජනය කරන විවිධ විශේෂඥ කණ්ඩායම්වල උපදේශන මගින් මෙම කර්තව්‍ය සාක්ෂාත් කරගනු ලැබේ.

ජාතික ප්‍රමිතීන් සැකසීමේදී, ජ්‍යාත්‍යන්තරසම්මතයන් සහ භාවිතයන්ට අනුකූල වීමත් ප්‍රයෝගික වන පරිදි වීමත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි ප්‍රතිපත්තිය වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස, හැකි සෑම අවසථාවකදීම ජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන් ජාතික ප්‍රමිතීන් ලෙස භාවිත කිරීම සිදුවේ. ප්‍රමිතිකරණය සඳහා විෂය ක්ෂේත්‍ර තෝරාගැනීමේදී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමුඛත්වය ලබා දෙනුයේ අභ්‍යන්තර සහ බාහිර වෙළඳාම, පාරිභෝගික ආරක්ෂාව සහ සෞඛ්ය සඳහා පහසුකම් සලසන ප්‍රමිතීන් සඳහා වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති යන නාමය යටතේ ප්‍රකාශිත ප්‍රමිති මගින් ජාතික සම්මුතිය, නවීන තාක්‍ෂණය සහ යහපත් පුරුදු සැළකිල්ලට ගැනීම පිළිබිඹුකරයි.

Go Back