දැනුවත් කිරීමේ වැඩසටහන්

දැනුවත් කිරීමේ වැඩසටහන්

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) කර්මාන්ත සහ වෙළඳ ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාව සහ සඵලතාවය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ප්‍රමිති සැකසීම, තත්ත්ව කළමනාකරණය පිළිබඳ පුහුණුව, භාණ්ඩ හා සේවා සහතික කිරීම, පරීක්ෂා කිරීම, ක්‍රමාංකනය වැනි බහුවිධ සේවාවන් සපයයි. ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වන ප්‍රමිති ආයතනය යනු ආර්ථිකයේ සෑම අංශයකම ප්‍රමිතිකරණය සහ තත්ත්ව වැඩිදියුණු කිරීම තුළින් ජාතියේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නායකත්ව දැක්මක් ඇති සංවිධානයකි.

ප්‍රමිතිකරණය, ගුණාත්මකභාවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි සේවාවන්හි ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව, අධ්‍යාපන ආයතන සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය (MSME) කර්මාන්ත දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි. මෙම වැඩසටහන් ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කරයි.

පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්

ද්විතීයික හා තෘතීයික අධ්‍යාපන ආයතනවලින් බිහිවන අනාගත නායකයින්ගේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිකරණය පිළිබඳ දැනුම වර්ධනය කිරීම මගින් ජාතික ආර්ථික අවශ්‍යතා සරු කිරීමට මෙන්ම ඔවුන් ඵලදායි පුරවැසියන් බවට පත් කිරීමට ප්‍රමිති ආයතනය දේශන වැඩසටහන් පවත්වයි. පාසල් සහ විශ්ව විද්‍යාල වෙත මාර්ගගතව හෝ ස්ථානීයව රැස්ව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා සම්පත් ලබාදීම ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය සිදුකරයි. ජාතියේ අනාගතයට කරන සේවයක් ලෙස ප්‍රමිති ආයතනය නොමිලේ මෙම වැඩසටහන් පවත්වයි.

Slide
Slide
Slide
previous arrow
next arrow

රාජ්‍ය ආයතන සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSME) දිරිමත් කිරීම සහ නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එහිදී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සපයනු ලබන තත්ත්ව සහතික සහ එම සහතික ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමට කටයුතු කරයි. සමාගමේ කීර්ති නාමය ගොඩනැගීම, ආයතනික ඵලදායිතාව සහ පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම, පාරිභෝගික පැමිණිලි අවම කිරීම, අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සහ ගෝලීය වෙළෙඳපොළ ජයගැනීම වැනි බොහෝ වාසි මෙම සහතික ලබා ගැනීම හරහා ව්‍යවසායකයින්ට අත්වේ. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සියලුම ප්‍රජාවන්ට හිතකර ලෙස මාර්ගගතව මෙන්ම ස්ථානීයව රැස්ව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පවත්වනු ලැබේ. ඍජුව ප්‍රජාවට අමතරව, රාජ්‍ය ආයතනවල පිරිස් වෙත ප්‍රමිති සහ සහතික පිළිබඳ දැනුම බෙදා දීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ද ප්‍රමිති ආයතනය සපයයි.

මෙම වැඩසටහන්වල අරමුණ වන්නේ ගුණාත්මක බවින් යුත් ව්‍යවසායක ප්‍රජාවක් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවා සැපයීමයි.

Awareness-Programme-for-Kandy-Textile-Industry-SMEs
Slide
Slide
Slide
previous arrow
next arrow
Go Back