පද්ධති සහතික කිරීම

පද්ධති සහතික කිරීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ පද්ධති සහතික කිරීමේ පුරෝගාමී ආයතනය වන අතර. 1990 සිට පද්ධති සහතික කිරීම ආරම්භ කර ඇති අතර 1996 සිට ජාත්‍යන්තර ප්‍රතීතන තත්ත්වය පවත්වා ගෙන යයි. මේ වන විට අප පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් සහතික කිරීමේ සේවාවන් රටින් පිටතට ද ව්‍යාප්ත කර ඇත. ප්‍රවීණ විගණක කණ්ඩායම අපගේ මූලික ශක්තිය වන අතර විවිධ ක්ෂේත්‍ර සඳහා ඔවුන්ගේ ප්‍රවීණතාවය අප පාරිභෝගිකයන්ගේ නිෂ්පාදන හා සේවා සහතිකකරණ ක්‍රියාවලීන්ට වටිනාකමක් එක් කිරීමට උපකාරී වේ.

අපි අපනයනකරුවන්, ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සියළුම රාජ්‍ය හා පෞද්ගලික, සේවා සපයන්නන් සඳහා පුළුල් පරාසයක් තුළ දේශීය හා විදේශයන් හි සහතික ලබා දෙන්නෙමු. තවද අපගේ සහතිකකරණ තුළින් ඔබගේ නිෂ්පාදන හා සේවාවන් වල ගුණාත්මක භාවය හා ඵලදායීතාව වැඩිදියුණු වීම, අවදානම අඩු වීම, අනුකූලතාව තහවුරු වීම, වෙළෙඳපොළ වර්ධනය වීම, නව වෙළෙඳපොළ අවස්ථා ඇති වීම, ආහාර සුරක්ෂිතතාවය, පාරිසරික බලපෑම්, බලශක්ති සංරක්ෂණය, වෘත්තීය සෞඛ්‍ය අභියෝග වලට මුහුණ දීම, සාමාජීය වගකීම් ආරක්ෂා කරමින් තිරසාර ව්‍යාපාරයක් කරා ඔබට ළඟා විය හැකිය.

SLSI තෝරාගත යුත්තේ ඇයි?

  • පද්ධති සහතිකකරණය සඳහා වූ එකම රාජ්‍ය ආයතනය වීම;
  • ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම සාමාජික ආයතනය වීම
  • ලොව පිළිගත් ප්‍රතීතයන් සහිත වීම
  • විශ්වසනීයත්වය සහ අවංකභාවය
  • නිපුණ සහ විශේෂඥ විගණක සංචිතය
  • විවිධ විෂය පථයන්හි විගණකවරුන් 100 කට අධික සංඛ්‍යාවක් සිටීම
  • උසස් වෘත්තීයභාවය
  • ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රවේශ්‍යතාව

අපි පිරිනමන දේ

අපගේ අභිප්‍රාය වන්නේ කීර්තිමත් කළමනාකරණ පද්ධති සහතිකයක් කරා යාමට ඔබට උපකාර කිරීම සහ ඔබේ ව්‍යාපාරය මෙහෙයවීමයි. අපගේ ප්‍රවීණ විගණකවරුන් ඔබේ කළමනාකරණ පද්ධති සත්‍යාපනය කර, ඵලදායි විගණන ශිල්පීය ක්‍රම හරහා වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගනිමින්, වැඩිදුර සංවර්ධනය සඳහා ඔබව යොමුකරනු ඇත.

කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කරන්නේ කෙසේද?

  1. අදාළ කළමනාකරණ පද්ධති ප්‍රමිතිය පිළිබඳව දැනුවත් වීම
  2. ඉහළ කළමනාකරණ කැපවීම - කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයේ සේවකයින් අතර සංස්කෘතියක් පැතිරවීම
  3. මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම
  4. කළමනාකරණ පද්ධතිය පිළිබඳ පුහුණුව ලබා දීම
  5. ඔබගේ කළමනාකරණ පද්ධතියේ වත්මන් තත්වය පිළිබඳ විශ්ලේෂණය කිරීම
  6. අදාළ පුද්ගලයන් සඳහා වගකීම පැවරීම
  7. ලේඛන සැකසීම
  8. සැලසුම් කළ සහ ලේඛනගත පද්ධතිය ක්‍රියාත්මක කිරීම
  9. අභ්‍යන්තර විගණන පැවැත්වීම
  10. කළමනාකරණ සමාලෝචනය
  11. සහතිකය සඳහා අයදුම් කිරීම
Go Back