ප්‍රමිති, ප්‍රමිතිකරණය, තත්ත්ව සහ කළමනාකරණ පද්ධති පිළිබඳ ධාරිතාව ගොඩනැගීම

ප්‍රමිති, ප්‍රමිතිකරණය, තත්ත්ව සහ කළමනාකරණ පද්ධති පිළිබඳ ධාරිතාව ගොඩනැගීම

Back

ගුණාත්මක තත්වයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා අවශ්‍යය මූලික දැනුම ලබාදීමේ අරමුණින්‌ කර්මාන්ත හා සේවා අංශ වල සේවකයින්‌ සඳහා තත්ත්ව කළමණාකරනය හා ප්‍රමිතිකරණය පිලිබඳ පුහුණු වැඩසටහන්‌ සඟ සම්මන්ත්‍රණ පුහුණු අංශය විසින්‌ පවත්වනු ලබයි. කළමනාකාරිත්වයේ සිට බිම් මට්ටමේ සේවකයින් දක්වා සියලුම ශ්‍රේණිවල සේවකයින් සඳහා නිති පතා පුහුණු වැඩ සටහන් පවත්වනු ලැබේ 1973 වසරේ සිට SLSI මෙවැනි වැඩසටහන් පවත්වනු ලබයි. මෙම පුහුණු වැඩ සටහන් ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය පිලිබඳ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔප්පු වී ඇත. තවද මෙම අංශය දුරස්ථ ඉගෙනුම් වැඩ සටහන් ක්‍රියාකාරකම් හඳුන්වා දී ඇත. පුහුණු අංශය සෑම වසරකම ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණය සම්බන්ධ වැඩසටහන් 100 කට අධික ප්‍රමාණයක් පවත්වයි.

තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ ආහාර තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව වශයෙන්‌ ඩිප්ලෝමා වැඩසටහන්‌ SLSI පචත්වයි. තත්ත්ව කළමනාකරණය සහ ආහාර තත්ත්ව කළමනාකරණය පිළිබඳ පුළුල්‌ දැනුමක්‌ ලබාදීම මගින්‌ කර්මාන්තයේ සුදුසුකම්‌ ලත්‌ සහ විශ්වාසදායක කළමනාකරුවන්‌ ලෙස සේවය කිරීමට අභ්‍යාසලාභීන්ට හැකියාව ලබා දීම සඳහා මෙම වැඩසටහන සැලසුම්‌ කර ඇත.

Go Back