ප්‍රලේඛන හා තොරතුරු අංශය

ප්‍රලේඛන හා තොරතුරු අංශය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛන හා තොරතුරු අංශය, ජාතික හා අන්තර් ජාතික ප්‍රමිති පිළිබදව තාක්ෂණික රෙගුලාසි, ප්‍රමිතිකරණ හා තත්ත්ව කළමනාකරණ ආශ්‍රිත තොරතුරු ඇතුළත්ව පුළුල් විෂය පරාසයකට අයත් නවතම හා විශේෂිත තොරතුරු ප්‍රජාවට හා අනෙකුත් පාර්ශ්වයන් වෙත බෙදාහැරීම සිදුකරන එක් තොරතුරු මධ්‍යස්ථානයක් වේ. ප්‍රලේඛන හා තොරතුරු අංශය අන්තර් ජාතික ප්‍රමිතීන් (ISO) විවිධ පාර්ශ්ව වෙත ලබා දීම මෙන්ම අන්තර් ජාතික ප්‍රමිති සම්පාදනය සදහා අවශ්‍ය පහසුකම් අනෙකුත් නිළධාරීන් වෙත තාක්ෂණික කමිටු හරහා ලබා දීම මගින් සහයෝගය දක්වනු ලැබේ.

තවද, ප්‍රලේඛන හා තොරතුරු අංශය ලෝක වෙළද සංවිධානයේ, වෙළදාම පිළිබදව පවතින තාක්ෂණික බාධා පිළිබද ගිවිසුමට (WTO/TBT) අදාළ ජාතික අවශ්‍යතා සපුරාලීම සහ ලෝක වෙළද සංවිධානයේ විමසුම් මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින් අන්තර් ජාතික වෙළදාම සම්බන්ධව පවතින ගැටලු පිළිබදව විවිධ පාර්ශ්වයන් සදහා ඔවුන්ට අදාළ පහසුකම් සැපයීමද සිදුකරනු ලබයි. වගකීම් දරණ තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස, ලෝක වෙළද සංවිධානය මගින් මාසික නිකුත් කරනු ලබන දැනුම් දීම් ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන්ට බෙදා හැරීම එම දැනුම් දීම් ආයතනයේ වෙබ් අඩවියට උඩුගත කිරීමත් සිදුකරනු ලබයි.

පුස්තකාලය විවෘත කරන දිනයන්

  • පැය 0830 සිට පැය 1615 දක්වා (සදුදා සිට සිකුරාදා දක්වා) විවෘතව පවතී
  • සෑම මසකම පළමු සහ තෙවන සෙනසුරාදා
  • SLSI පුස්තකාල තොරතුරු

    තොරතුරු විමසීම් සේවා

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛන හා තොරතුරු අංශය, ජාතික හා අන්තර් ජාතික ප්‍රමිති පිළිබදව, තාක්ෂණික රෙගුලාසි, ප්‍රමිතිකරණ හා තත්ත්ව කළමනාකරණ ආශ්‍රිත තොරතුරු ඇතුළත්ව පුළුල් විෂය පරාසයකට අයත් නවතම හා විශේෂිත තොරතුරු ප්‍රජාවට හා අනෙකුත් පාර්ශ්වයන් වෙත බෙදාහැරීම සිදුකරන එක් තොරතුරු මධ්‍යස්ථානයක් වේ.

    ප්‍රමිති අලෙවිය

    1. ශ්‍රී ලංකා ජාතික ප්‍රමිති (ඩිජිටල්කරණය/දෘඪ ලේඛන) දේශීය හෝ විදේශීය ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශවයකට මිලදී ගැනීම් සහ යොමු අවශ්‍යතා සදහා ලබා ගත හැකිය.
    2. ජාත්‍යන්තර ප්‍රමිති( ISO, IEC, CODEX ) දේශීය හෝ විදේශීය ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශ්වයක මිලදී ගැනීම් සහ යොමු අවශ්‍යතා සදහා ලබා ගත හැකිය.
    3. ඕනෑම රටක විදේශීය ජාතික ප්‍රමිතීන් සහ ප්‍රාදේශීය ප්‍රමිතීන් දේශීය හෝ විදේශීය ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශ්වයක මිලදී ගැනීම් සහ යොමු අවශ්‍යතා සදහා ලබා ගත හැකිය.
    4. දේශීය හෝ විදේශීය ඕනෑම උනන්දුවක් දක්වන පාර්ශ්වයක යොමු අවශ්‍යතා සදහා වෙනත් ප්‍රමිති ( AOAC, APHA) ලබා ගත හැකිය.
    5. සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේදී ලෝක ප්‍රමිති දිනය සහ තත්ත්ව සතිය සැමරීම සදහා උනන්දුවක් දක්වන පාර්ශ්වයක මිලදී ගැනීමේ අවශ්‍යතා සදහා Q-කොඩි /ගුණාත්මක කොඩි මායිම් කළ ප්‍රමාණවලින් ලබා ගත හැකිය.
    6. පෝස්ටර්- ගුණාත්මකභාවයට අදාල අංගයන් මත සකස් කරන ලද පෝස්ටර් මිලදී ගත හැක. උදා. 5S සංකල්පය, තත්ත්ව කළමනාකරණ පද්ධති සම්බන්ධව, පාරිසරික කළමනාකරණ පද්ධතිය සම්බන්ධව , ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය සම්බන්ධව සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව යනාදිය.

    SLSI හි පුස්තකාල සාමාජිකත්වය

    ආයතනික සාමාජිකත්වය

    වාර්ෂික ගාස්තුව - රුපියල් 5000.00+VAT වේ. මේ යටතේ පොත් 08 ක් සහ සගරා 02 ක් ලබා ගත හැකිය.

    පුද්ගල සාමාජිකත්වය

    වාර්ෂික ගාස්තුව රුපියල් 1000.00 +VAT වේ. පොත් 02 ක් සහ සගරා 01 ක් ලබා ගත හැකිය.

    පුද්ගල සාමාජිකත්වය යටතේ මාසික කාල සීමාවක් සදහා පොත් සහ සගරා ලබා ගැනීම වෙනුවෙන් රු.1500.00 ක ආපසු ලබා ගත හැකි මුදල් තැන්පතුවක් සිදු කිරීම අවශ්‍ය වේ.

    සාමාජිකත්වය ලියාපදිංචි වූ දින සිට වසරක් (මාස 12 ) සදහා වලංගු වේ.

    සාමාජිකත්වය සදහා අයදුම්පත

    E -Library Membership

    Lending Service

    • Internal staff ( books, journals, standards and other publications)
    • Registered Members ( Books & Journals )

    ඊ-බුලටින් සේවාව

    ඊ- බුලටින් මගින් අභ්‍යන්තර, බාහිර සේවාදායකයින්ට, උනන්දුවක් දක්වන පාර්ශ්ව වෙත මාසිවකව විද්‍යුත් තැපෑල හරහා නවතම නැගී එන තාක්ෂණ පිළිබද තොරතුරු සැපයීම සිදු කරයි. සෑම විද්‍යුත් බුලටින් එකක්ම නැගී එන තාක්ෂණයේ මාතෘකාවක් පිළිබද කෙටි හැදින්වීමක් සමග අදාල සාහිත්‍ය පර්යේෂණ ලිපි සහ වෙනත් ප්‍රකාශන පිළිබද තොරතුරු ඇතුලත්ව විස්තර සැපයීමක් සිදු කරනු ලබයි.

    • ජාතික ප්‍රමිතීන්, අනුගත වීම්, ප්‍රතිශෝධන ,පරිවර්තන, සං‍ශෝධන සහ ඉවත් කර ගත් ප්‍රමිතීන් පිළිබද නව ප්‍රකාශිත ප්‍රමිති ලැයිස්තුවක් පුස්තකාල පුවත් මගින් බෙදා හරිනු ලැබේ.
    • SLSI සමග සාමාජිකත්වය පවත්වා ගෙන අනෙකුත් දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන්ගේ ඊ- පුවත්, සගරා සහ ජර්නල් පිළිබදව තොරතුරු මාසික/ කාර්තුමය / ද්වි - වාර්ෂික / වාර්ෂික වශයෙන් විශේෂ අවස්ථා වලදී ලබා දිම.
    • ප්‍රමිති දැනුම් දීම් - ISO, IEC, BS, EN යන ප්‍රමිතීන්වල නව ප්‍රකාශිත ප්‍රමිතීන් පිළිබද දැනුම් දීම්.
    • WSSN - ලෝක ප්‍රමිති පුවත් වලින් සමන්විත පුවත් පත්‍රිකාව.
    • Lib alert - ගෝලීය අවශ්‍යතා සහ තත්ත්ව පිළිබද ක්ෂේත්‍රන්හි මතුවන නව ප්‍රවණතා පිළිබද තොරතුරු සම්පාදනය කර ඇත.
    • WTO/TBT – ලෝක වෙළද සංවිධානය මගින් මාසිකව නිකුත් කරනු ලබන දැනුම් දීම් ශ්‍රී ලාංකික පාර්ශවකරුවන්ට බෙදා හැරීම.
    • ප්‍රවෘත්ති කොටස් - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අදාල පුවත්පත් දැන්වීම් ලිපි සහ ප්‍රවර්ධන තොරතුරු බෙදා හැරිම

    යොමු/පාඨක/යොමු තොරතුරු සේවා (නොමිලේ)

    සාහිත්‍ය ගවේෂණ තොරතුරු සේවාව - විශේෂිත විෂයයන් පිළිබද පරිශීලකයින්ට ඔවුන්ගේ ඉල්ලීම මත සාහිත්‍ය ගවේෂණ සේවාවන් පුස්තකාල සම්පත් සහ අන්තර්ජාල සම්පත් පරිහරණය හරහා ලබා දෙයි. පරිශීලකයින් සදහා ඔවුන්ගේ ඉල්ලීම මත සම්පාදනය කර ඇති සම්පූර්ණ බුලටින් පිළිබදව තොරතුරු සැපයිම.

    WTO/TBT ජාතික විමසුම් කේන්ද්‍රය

    ලෝක වෙළද සංවිධානයේ, වෙළදාම පිළිබදව පවතින තාක්ෂණික බාධා ගිවිසුමට ( WTO/TBT ) අදාළ ජාතික අවශ්‍යතා සපුරාලීම සහ ලෝක වෙළද සංවිධානයේ විමසුම් කේන්ද්‍රය ලෙස කටයුතු කරමින් පහත සදහන් සේවාවන් ඒ පිළිබදව උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ලබා දෙයි.


    (අ) නිවේදන නිකුත් කිරීම - ජාතික විමසුම් කේන්ද්‍රය පහත සදහන් තොරතුරු සම්බන්ධව ලෝක වෙළද සංවිධානයේ ලේකම් කාර්යාලයට නිවේදනයන් නිකුත් කරනු ලබයි.

    • රට තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව හෝ සංශෝධිත තාක්ෂණික රෙගුලාසි සම්බන්ධව
    • ප්‍රමිති සහ අනුකූලතා තක්සේරු කිරීමේ ක්‍රියාපටිපාටි සකස් කිරීම සහ යෙදවීම පිළිබද යහපත් භාවිත සංග්‍රහයන් සම්බන්ධව.

    (ආ) විමසුම් පිළිබදව ඉදිරි කටයුතු සිදු කිරීම

    දේශීය කර්මාන්තකරුවන්ගෙන් හෝ ලෝක වෙළද සංවිධානයේ සාමාජික රටවල විදේශීය ආයෝජකයින් මගින් ප්‍රමිති, තාක්ෂණික, රෙගුලාසි සහ අනුකූලතා ඇගයීම් ක්‍රියාපටිපාටි සම්බන්ධ විමසුම් පිළිබදව ඉදිරි කටයුතු සිදු කිරීම.

    (ඇ) ලෝක වෙළද සංවිධානයේ දැනුම් දීම් සම්බන්ධව ලැබෙන අදහස් පිළිබදව ඉදිරි කටයුතු සිදු කිරීම.

    ජාතික විමසුම් කේන්ද්‍රය හරහා ශ්‍රී ලංකා දැනුම් දීම් පිළිබද විදේශ රටවලින් ලැබෙන අදහස් සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරිම.

    (ඈ) දැනුම් දීම් සම්බන්ධව ඊට අදාළ විධිවිධාන ඇතුළත් ලේඛන.

    විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම පදනම් කරගනිමින් දැනුම් දීම් සම්බන්ධව පවතින නියාමන විධිවිධාන සදහා පහසුකම් සැපයීම.

    ලෝක වෙළද සංවිධානය මගින් මාසිකව නිකුත් කරනු ලබන දැනුම් දීම් පිළිබද මාසික සාරාංශ වාර්තාවන් ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් වෙත විද්‍යුත් තැපෑල හරහා බෙදා හැරීම.

    ISO ක්‍රියාකාරකම්

    ISO ප්‍රමිතින් තුළ ජාතික අවශ්‍යතා ප්‍රකාශ කිරිම උදෙසා, ISO තාක්ෂණික කමිටුවලට අදාළ ක්‍රියාකරකම් හසුරවන එනම් සහභාගිත්ව “P” හෝ නිරික්ෂක “O” සමාජිකත්වය දරන SLSI සාමාජිකයන්ට ප්‍රලේඛන හා තොරතුරු අංශය පහසුකම් සපයයි. මෙම ප්‍රමිතින් කෙටුම්පත් අදියරේදි මේ පිළිබදව උනන්දුවක් දක්වන ඕනැම පාර්ශවයකට තම අදහස් යොමු කල හැකිය.https://www.iso.org/get-involved.html

    ISO ප්‍රකාශන සහ ISO පුවත් වෙත ප්‍රවේශයhttps://www.iso.org/news.html

    නව ප්‍රකාශිත ISO ප්‍රමිති ලයිස්තුව

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකාව තුළ අන්තර් ජාතික ප්‍රමිති එනම් ISO ප්‍රමිති විකිනීම සදහා බලතල සහිත එකම ආයතනය ලෙස කටයුතු කරයි. මෙහිදී තම අවශ්‍යතාවය මත අදාල ISO ප්‍රමිතීන් විවිධ පාර්ශ්ව සදහා මෙම ආයතනය මගින් මිලදී ගත හැකිය.

    Please consider following under the content of ISO list of newly published standards

    SLSI as the sole member of ISO in Sri Lanka provides you free publications and latest ISO news via https://www.iso.org/news.html

    ISO Standards published in June 2024 ISO Standards published in May 2024 ISO Standards published in April 2024 ISO Standards published in March 2024 ISO Standards published in Feb 2024 ISO Standards published in Jan 2024 ISO Standards published in Jan 2023 ISO Standards published in Feb 2023 ISO Standards published in March 2023 ISO Standards published in April 2023 ISO Standards published in May 2023 ISO Standards published in June 2023 ISO Standards published in July 2023 ISO Standards published in August 2023 ISO Standards published in September 2023 ISO Standards published in October 2023 ISO Standards published in November 2023 ISO Standards published in December 2023
    Go Back