පුහුණු අංශය

ගුණාන්මක තත්ත්වයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා අවශ්‍යය මූලික දැනුම ලබාදීමේ අරමුණින්‌ කර්මාන්ත හා සේවා අංශ වල සේවකයන්‌ සඳහා තත්ත්ව කළමණාකරනය සඟ ප්‍රමිතිකරණය පිලිබඳ පුහුණු වැඩසටහන්‌ සඟ සම්මන්ත්‍රණ පුහුණු අංශය විසින්‌ සපයනු ලබයි.

එවැනි පුහුණු වැඩසටහන්‌ 100 කට අධික ප්‍රමාණයක්‌ වසරක්‌ පුරා පවත්වනු ලැබේ. අපගේ පුහුණු වැඩසටහන්‌, ප්‍රමිතිකරණය, තත්ත්ව කළමණාකරනය, ISO 9001 තත්ත්ව කළමණාකරන පද්ධති, ISO 14001 පරිසර කළමණාකරන පද්ධති, ISO 5001 බලශක්ති කළමණාකරන පද්ධති, ISO 45001 වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණ කළමණාකරනය, ඵලදායීතාව වැඩිදියුණු කිරීම හා අනෙකුන්‌ තත්ත්ව ආශ්‍රින ක්ෂේත්‍ර ඇතුලන්‌ වේ.

දැනුවන්‌ කිරීමෙ වැඩසටහන්‌, වැඩමුළු සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සහ ආයතන වල නිශ්චිත අවශ්‍යතා වලට අනුකූලව සකසන ලද අභ්‍යන්තර පුහුණු වැඩසටහන්‌ ආකාරයෙන්‌ මෙම පුහුණු වැඩසටහන්‌ පවත්වනු ලැබේ. වර්තමාන අවශ්‍යතාවයන්ට අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ද මෙම පුහුණු වැඩසටහන්‌ පැවැත්වේ. මීට අමනරව විදේශීය පුහුණු වැඩසටහන්‌ ද පවන්වනු ලබයි.

මෙම පුහුණු වැඩසටහන්‌ හරහා ප්‍රමිති ආයතනය විසින්‌ දේශීය මෙන්ම විදේශීයව ද තත්ත්ව කළමණාකරන ක්ෂේත්‍රයේ ඉහළ නිපුණතාවයෙන් යුන්‌ වෘත්තීකයන් බිහිකර ඇනි අනර ඔවුන්ගේ රැකියා සාර්ථකත්වය ඉහළ නැංවීමට මෙය ඉවහල්‌ වේ.

100ක්‌ පමණ වන අපගේ සම්පන්‌ දායකයින්‌, දේශිය හා විදේශිය පුහුණුව ලත් හා පුළුල්‌ වෘත්තීය සුදුසුකම්‌ වලින්‌ සමන්විත වේ. වාර්ෂික පුහුණු පාඨාමාලා පිලිබඳ විස්නර වාර්ෂිකව නිකුත් කරන ලද පුහුණු වැඩසටහන්‌ පිළිබඳ විස්තර පොතෙහි (Training Prospector) හි ඇතුලත් වේ.

පුහුණු වැඩ සටහන් පිළිබඳ විස්තර පොත - 2024

පුහුණු වැඩසටහන් ලැයිස්තුව

Go Back