භාණ්ඩ සහතිකකරණය

භාණ්ඩ සහතිකකරණය

භාණ්ඩ සහතිකකරණය මගින්, භාණ්ඩය අදාළ/අවශ්‍ය ප්‍රමිති පිරිවිතර සහ අදාළ නියාමන සහ ව්‍යවස්ථාපිත අනුකූලතා සපුරාලන බවට සහතික කරයි.

භාණ්ඩ සහතික කිරීමේ යෝජනා ක්‍රම අත්‍යවශ්‍යයෙන්ම ස්වේච්ඡාවෙන් සිදු වන අතර පාරිභෝගිකයාට/පරිභෝජකයාට තෙවන පාර්ශවීය සහතිකයක් ලබා දෙයි.

අපි පිරිනමන දේ

  1. SLS ලාංඡන භාණ්ඩ සහතිකකරණය
  2. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට SLS ලාංඡන භාණ්ඩ සහතික කිරීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට, 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති පනත යටතේ බලය ඇත. භාණ්ඩ 46ක් සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 1979 අංක 01 දරන පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ SLS ලකුණ අනිවාර්ය කර ඇත.

  3. කාබනික භාණ්ඩ සහතිකය
  4. කාබනික භාණ්ඩ සහතික කිරීමේ යෝජනා ක්‍රමය "SLS 1324 - කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සහ සැකසුම් සඳහා අවශ්‍යතා පිළිබද ප්‍රමිතිය මත පදනම්ව ක්‍රියාත්මක වන්නේය. මෙම සහතික කිරීමේ ක්‍රමය ISO/IEC 17065 ට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ප්‍රතීතනය කර ඇත.

  5. තාක්ෂණික නිර්දේශ සැපයීම
  6. ශ්‍රී ලංකා ප්‍රමිති මත පදනම්ව, නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම සඳහා අදාළ බලධාරීන්ට තාක්ෂණික නිර්දේශ සපයනු ලැබේ.

Go Back