විද්‍යාත්මක ප්‍රමිතිකරණය

විද්‍යාත්මක ප්‍රමිතිකරණය

විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශය ජාතික ප්‍රමිති සකස් කරයි. මෙම ප්‍රමිතීන් පාරිභෝගිකයින්, නිෂ්පාදකයින්, පරිශීලකයින්, රාජ්‍ය ආයතන සහ ස්වාධීන තාක්ෂණික සංවිධාන නියෝජනය කරන්නාවූ අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඇතිව සාමුහික එකඟතාවයක් හරහා ගොඩනංවනුලබයි.

මෙම ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම් වලදී ජාතික ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට තිබෙන්නාවූ හොඳම මාර්ගය වන්නේ හැකි සියලුම විශේෂඥ දැනුම එක්රැස් කර එමගින් ආයතනයට උපදෙස් සහ මගපෙන්වීම ලබාගැනීම වන අතර ඒ සඳහා ආයතනය විසින් තාක්ෂණික කමිටු පත් කරයි.

ප්‍රමිති මගින් තාක්ෂණය, වාණිජ, වෙළඳාම සහ පරිපාලනය භාවිතා වීමට මං සලසන්නාවූ සම්බන්ධීකරණ විසඳුම් ලබා දෙන අතර එනයින් සාක්ෂාත් කර ගැනීමට අදහස් කරන්නේ:

  • භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේදී මිනිස් ශ්‍රමය, ද්‍රව්‍ය, බලශක්ති සහ අනෙකුත් සම්පත් යෙදවීම් අවම කිරීම මගින් සමස්ත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම;
  • භාණ්ඩ හා සේවාවල ප්‍රමාණවත් සහ ස්ථාවර වූ ගුණාත්මක භාවය තුළින් පාරිභෝගිකයන්ගේ උනන්දුව ආරක්ෂා කිරීම;
  • ජීවිත සුරක්‍ෂාව සහ රැකවරණය; සහ
  • උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන් අතර අදහස් ප්‍රකාශ කිරීමේ සහ සන්නිවේදනයේ මාධ්‍යයක් සැපයීම වේ.

මෙම ප්‍රමිතීන් ද්‍රව්‍ය හෝ නිෂ්පාදන සඳහා පිරිවිතර, ඇතැම් කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා නිර්දේශිත පිළිවෙත් දැක්වෙන භාවිත සංග්‍රහයන්, පරීක්ෂා ක්‍රම, පද වල අර්ථ දැක්වීම් හෝ වෙනත් ආකාරයකට දැක්වූ ප්‍රමිතිකරණයක් විය හැකිය.

ප්‍රමිති සම්පාදනය කිරීමෙහිලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රායෝගික භාවිතයන්ට අනුකූල වීමයි. මේ සඳහා, අදාළ ඕනෑම තැනකදී ජාත්‍යන්තර ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති ලෙස සම්මතකරගනු ලැබේ.

ප්‍රමිති සැකසීමේ ව්‍යාපෘති තෝරාගැනීමේදී අභ්‍යන්තර හා බාහිර වෙළෙඳාම සඳහා පහසුකම් සැලසෙන පරිදි මෙන්ම පාරිභෝගිකයාගේ අහිමතය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිෂ්පාදනවල ජාත්‍යන්තර තරගකාරිත්වය ඉහළ නැංවීමට ඉවහල් වන ප්‍රමිතීන් සඳහා මූලිකත්වය දෙනුලබයි.

නිෂ්පාදන, භාණ්ඩ, ද්‍රව්‍ය, ක්‍රියාවලි සහ පිළිවෙත් සම්බන්ධ ප්‍රමිති දැනට 4000කට වඩා ප්‍රකාශයට පත්කර ඇත. නවීන ද්‍රව්‍ය, ක්‍රියාවලි සහ තාක්ෂණයන්හි වර්ධනයන් පිලිබඳ සැලකිල්ලට ගැනෙන පරිදි බොහෝ ප්‍රමිතින් සංශෝධනය ද කර ඇත. එවැනි සංශෝධනයන් සංශෝධනයවූ වර්ෂය සමඟ දක්වනු ලැබේ.

අණ පනත් සහ රෙගුලාසි මගින් අනිවාර්ය කර ඇත්නම් මිස ශ්‍රී ලංකා ප්‍රමිතීන් සම්පාදනය කරනුයේ අදාළ උනන්දුව දක්වන පාර්ශ්වයන් විසින් ස්වේච්ඡාවෙන් භාවිත කර ගැනීම සඳහා වන්නේය.

විෂය පථය

මෙම අංශය විසින් මුලිකවම පහත සඳහන් ක්ෂේශ්ත්‍ර සඳහා ජාතික ප්‍රමිති සම්පාදනය කරනුලබයි.

  • කෘෂිකර්ම
  • ආහාර
  • රෙදිපිළි සහ ඇඟලුම්
  • සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන
  • කඩදාසි, කඩදාසි පුවරු (කාඩ්බෝඩ්) සහ ඇසුරුම්
  • රසායනික සහ බහු-අවයවික තාක්ෂණය

ආංශික කමිටු

ප්‍රමිති සම්පාදන ක්‍රියාවලියේදී ප්‍රමිති ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ආයතනයේ මහාමණ්ඩලය විසින් නිශ්චිත විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ආංශික කමිටු පත් කරනුලබයි. දැනට ක්‍රියාත්මක වන ආංශික කමිටු පහත දැක්වේ

කෘෂිකර්ම

ආහාර

රසායනික සහ බහු-අවයවික තාක්ෂණය

කඩදාසි, කඩදාසි පුවරු (කාඩ්බෝඩ්) සහ ඇසුරුම්

රෙදිපිළි සහ ඇඟලුම්

සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන

මෙම ආංශික කමිටු පිහිටුවනු ලබන්නේ නිෂ්පාදකයින්, විද්වතුන්, විෂයට අදාළ රාජ්‍ය ආයතන, පාරිභෝගිකයින්, ස්වාධීනව සිදුකල පර්යේෂණ සහ පරීක්ෂණාගාර සංවිධාන සහ පුද්ගලික විශේෂඥයින් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය වනපරිදි අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් යුක්තවනපරිදි වේ.

කමිටුවක රැස්වීම් සාමාන්‍යයෙන් සාභාගී වීමට ඉඩ ලැබෙන්නේ කමිටුවේ සාමාජිකයින්ට පමණි. විශේෂ කාර්යයන් සඳහා අමුත්තන්ගේ පැමිණීම සඳහා වන ඉල්ලීම් පළමුව ප්‍රමිති ආයතනය වෙත යොමු කළ යුතු අතර එය ආංශික කමිටුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත්කළ ආරාධනයක් මත සභාගී වීමට ඉඩ සලසනු ලබයි.

සෑම ප්‍රමිතිකරණ ව්‍යාපෘතියක්ම කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රමිති ආයතනයෙහි විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂ හෝ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වරයෙකු විසිනි. සලකනලද විෂයයේ ස්වභාවය සහ සංකීර්ණත්වය, දත්ත ලබා ගැනීමේ හැකියාව, විමර්ශන ලේඛන, වෙනත් අදාළ ප්‍රමිතීන් සහ තොරතුරු මත පදනම්ව අනුගමනය කරන ක්‍රියා පටිපාටි කිහිපයක් තිබේ.

ක්‍රියාකාරී කමිටු

ක්‍රියාකාරී කමිටු පිහිටුවනු ලබන්නේ නිෂ්පාදකයින්, විද්වතුන්, විෂයට අදාළ රාජ්‍ය ආයතන, පාරිභෝගිකයින්, ස්වාධීනව සිදුකල පර්යේෂණ සහ පරීක්ෂණාගාර සංවිධාන සහ පුද්ගලික විශේෂඥයින් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය වනපරිදි අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් යුක්තවනපරිදි වේ. මෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ සකස්කරනලද මූලික ප්‍රමිති කෙටුම්පත සාකච්ඡාකර සාමූහික එකඟත්වය තුළින් අවසන් ප්‍රමිති කෙටුම්පත දක්වා එය වැඩිදියුණු කිරීමයි. ක්‍රියාකාරී කමිටු අදාළ ආංශික කමිටුවට වාර්තා කරයි. ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේදී ඇතැම් අවස්ථාවලදී අදාළ ආංශික කමිටු උපදෙස් ලබගනුලැබේ. ක්‍රියාකාරී කමිටුවක තාක්‍ෂණික ලේකම් ලෙස කටයුතු කරනුලබන්නේ ප්‍රමිති ආයතනයෙහි විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශයේ සහකාර අධ්‍යක්‍ෂ හෝ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වරයෙකුවේ.

සලකනලද විෂයයේ ස්වභාවය සහ සංකීර්ණත්වය, දත්ත ලබා ගැනීමේ හැකියාව, විමර්ශන ලේඛන, වෙනත් අදාළ ප්‍රමිතීන් සහ තොරතුරු මත පදනම්ව අනුගමනය කරන ක්‍රියා පටිපාටි කිහිපයක් තිබේ.

විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශයේ ව්‍යුහය

අපි කරන දේ

ප්‍රමිතිකරණ (විද්‍යාත්මක) අංශයේ මූලික ක්‍රියාකාරකම වන්නේ ජාතික ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ජාතික ප්‍රමිති සැකසීමයි.

ජාතික ප්‍රමිති සැකසීමේ සම්පූර්ණ ප්‍රගතිය සඳහා ප්‍රමිතිකරණ (විද්‍යාත්මක) අංශය වගකිව යුතුය. පුළුල් අර්ථයකින් ජාතික ප්‍රමිතිය සැකසීමට අදාළ කාර්යයන් පහත පරිදි වේ;

  1. නව ජාතික ප්‍රමිති සැකසීම
  2. ජාත්‍යන්තර ප්රමිති සම්මත කිරීම
  3. පවතින ප්‍රමිති සමාලෝචනය - සමාලෝචන ප්‍රතිඵල මත පදනම්ව,
    • නැවත තහවුරු කිරීම
    • සංශෝධනය
    • සුළු වෙනස්කම් ඇති විට (Erratum, corrigendum) සංශෝධනය කිරීම
  4. අවශ්‍යතාවයක් ඇති වූ විට ප්‍රමිති ඉවත්කර ගැනීම

ඵලදායිතාව ඉහළ නැංවීම සහ සම්පත් උපරිම ප්‍රයෝජනය සඳහා, ආයතනයේ අනෙකුත් අංශ සමඟ සමීපව කටයුතු කරන ප්‍රමිතිකරණ අංශය, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පහත සඳහන් උපාය මාර්ග යොදා ගනියි.

  • කෘෂිකර්මාන්තය, ආහාර, රසායනික ද්‍රව්‍ය, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කඩදාසි සහ පුවරු ඇසුරුම්, රෙදිපිළි, සම්, ඇඟලුම් සහ සමාජයේ ඇතැම් අවශ්‍යතා සම්බන්ධයෙන් ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම්වල සෑම අංශයකම ජාතික ප්‍රමිති භාවිතය සහ භාවිතය ප්‍රවර්ධනය කිරීම.
  • ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ කලාපීය ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම්වලට සහභාගී වීම.
  • ආයතනය සහ එහි සම්පත් නිරන්තරයෙන් සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම.

වැඩි විස්තර සඳහා කරුණාකර අදාළ අංශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ අංශ ප්‍රධානීන් සහ අදාළ අංශවල සහකාර අධ්‍යක්ෂවරුන් අමතන්න.

Go Back