භාණ්ඩයක ගුණාත්මකභාවය සහතික කිරීම

භාණ්ඩයක ගුණාත්මකභාවය සහතික කිරීම

Back

පාරිභෝගිකයෙකුට වෙළඳපොලෙන් හොඳ භාණ්ඩයක් තෝරා ගැනීමට භාවිතා කළ හැකි එක ක්‍රමවේදයක් වශයෙන් නිමි භාණ්ඩයේ ගුණාත්මකභාවය තීරණය කළ හැකි නිර්ණායකයක් අවශ්‍යය.

එය තහවුරු කිරීමට භාණ්ඩවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා නිසි පියවර ගන්නා දේශීය ව්‍යවසායකයින් හඳුනා ගැනීම සඳහා “SLS” ලාංඡන සහතික කිරීමේ යෝජනා ක්‍රමය නමින් භාණ්ඩ සහතික කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. භාණ්ඩයක් මත ඇති “SLS” මඟින් ඇඟවෙන්නේ එයට අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූලව අඛණ්ඩව ගුණාත්මක භාවයක් සහිතව නිෂ්පාදනය කර ඇති බවත්, අදාල භාණ්ඩය ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් සමඟ මිලදී ගත හැකි බවත්ය. අවසන් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පිළිබඳ තෙවන පාර්ශවීය සහතිකයක් ලබා දෙන බැවින්ද, වර්තමානයේ “SLS” සලකුණ "ගුණාත්මක භාවයේ සංකේතයක්" ලෙස කීර්තියක් ලබා ඇති බැවින්ද මෙම යෝජනා ක්‍රමය දේශීය කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන්අතර ඉතා ජනප්‍රිය වී ඇත.

තවද, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් විදේශීය නිෂ්පාදකයින් සඳහා භාණ්ඩ සහතික කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර මෙම යෝජනා ක්‍රමය දේශීය නිෂ්පාදකයින් සඳහා වන යෝජනා ක්‍රමයට බොහෝ දුරට සමාන වේ. මෙම යෝජනා ක්‍රමය මඟින් ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට විදේශීය නිෂ්පාදකයන්ට පහසුකම් සලසා දී ඇත.

කාබනික භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් කාබනික සහතික කිරීමේ ක්‍රමයක්ද හඳුන්වා දී ඇත.

Go Back