ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය

ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය

ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි සේවාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති අංශයයි. මෙමගින් ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම,ප්‍රචාරණ කටයුතු, අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ සමාලෝචනය කිරීම, වෙළඳපල පර්යේෂණ කටයුතු සිදු කිරීම, පාරිභෝගික සේවා සහ පැමිණිලි හැසිරවීම ඇතුළු මහජන සම්බන්ධතා පැවැත්වීම සිදුකරනු ලබයි.

ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශය විසින් සිදුකරනු ලබන තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන වැඩසටහන පැවැත්වීමයි. මෙය ශ්‍රී ලාංකීය රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි කාර්යසාධන විශිෂ්ටත්වය කරා ළඟා වූ ආයතන ඇගයීම වෙනුවෙන් ජාතික මට්ටමින් පිරිනමන ප්‍රමුඛතම හා කීර්තිමත්ම සම්මානය වේ.

අප අංශය විසින් ලබා දෙනු ලබන ප්‍රධාන සේවාවන්

  • ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය (SLNQA)
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තත්ත්ව සම්මානය (SMEQA)
  • පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්
  • රාජ්‍ය ආයතන, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා (MSME) දැනුවත් කිරීමේ වැඩසටහන්
Go Back