මිනුම් විද්‍යාව

මිනුම් විද්‍යාව

අපි ක්‍රමාංකන කටයුතු පිළිබඳ මනා නිපුණත්වයක් සහිත කණ්ඩායමක් වන අතර, ඔබට ගුණාත්මක විශ්වාසනීය ක්‍රමාංකන ලබා දෙන බව සහතික කරන්නෙමු.

Pioneer in Calibrations

ISO 17025 ප්‍රතීතනකරණය ලත් ක්‍රමාංකන පරීක්ෂණාගාරයක් ලෙස, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිති විද්‍යා අංශය අපගේ ජාතික මිනුම් පද්ධතියේ කොටසක් වෙමින් මෙම ජාතික වගකීම ඉටු කරනු ලබයි.

අප අංශය මඟින්, ඉහළ මට්ටමේ ජාතික / ජාත්‍යන්තර මිනුම් ප්‍රමිතීන් හරහා ස්ථාපිත කරන ලද ප්‍රමිතීන් භාවිතයෙන්, පුළුල් මිනුම් පරාසයක් ආවරණය වන පරිදි ක්‍රමාංකන සේවා සපයන්නෙමු.

අපගේ පරීක්ෂණ/ක්‍රමාංකන වාර්තා ISO 17025 ට අනුකූලව අවශ්‍ය සියළුම තොරතුරු වලින් සමන්විත වේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔබේ තත්ත්ව කළමනාකරණ පද්ධති පවත්වා ගෙන යාමට මෙන්ම, ඔබේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ලීමටද එය ඔබට උපකාර කරයි.

මිති විද්‍යා අංශය මගින් සපයනු ලබන සේවා:

  • අපගේ පරීක්ෂණාගාර තුළ හෝ ඔබගේ පරිශ්‍රයෙහි උපකරණ ක්‍රමාංකනය කිරීම
  • ඔබගේ අවශ්‍යතාවය අනුව ක්‍රමාංකනය පිළිබඳ වැඩමුළු පැවැත්වීම

අප විසින් සපයනු ලබන සේවා

මිති විද්‍යා අංශය, ක්‍රමාංකන පරීක්ෂණාගාර 4 කින් සමන්විත වන අතර පහත සඳහන් එම ඒකක මගින් අප රටෙහි කාර්මික අංශයේ සහ පරීක්ෂණාගාර වල තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කාර්යක්ෂම සහ විශ්වාසනීය ක්‍රමාංකන සේවා සපයනු ලබයි.

මිති විද්‍යා අංශය, බලය, ව්‍යවර්ථය, පීඩනය, දිග, ස්කන්ධය, පරිමා සහ උෂ්ණත්වය යන ක්‍රමාංකන ක්ෂේත්‍ර සඳහා ප්‍රතීතනය ලබා ඇත.
Scope of Accreditation

වැඩි විස්තර සඳහා කරුණාකර අධ්‍යක්ෂක එස් උදාකර මෙවි (මිති විද්‍යා) dm@slsi.lk හෝ දුරකථනය +9411 267 1566 අමතන්න.

බල පරීක්ෂණාගාරය

අප ආයතනයෙහි බල පරීක්ෂණාගාරය (Force Laboratory), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන පරීක්ෂණා ගාරයක් වන අතර එය පුළුල් පරාසයක ක්‍රමාංකන සේවා සපයනු ලබයි. එම පරීක්ෂණා ගාරය, බල ක්‍රමාංකන සිදු කිරීම සඳහා එය මනාව පුහුණුව ලත් දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

අපි පහත සඳහන් උපකරණ ක්‍රමාංකන සිදු කරන්නෙමු;

බල ක්‍රමාංකනය (Force Calibration)

බලය මැනීමේ උපකරණ භාවිතා කරන විට, ඒවායේ නිශ්චිත කාර්ය සාධනයේ අනුකූලතාව සහ නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා ඒවා නිශ්චිත කාලපරාසයක් තුල බල ක්‍රමාංකනයක කල යුතු වේ.

ඔබේ බල ක්‍රමාංකන සේවා සැපයීම මගින්, විශ්වාසනීය නිවැරදි බල මිනුම් අවශ්‍යතා සපුරා ලීම සඳහා අප අංශය නිරතුරුව සේවා සපයන්නෙමු.

බල සත්‍යාපන උපාංග (උදා; ඩයිනමෝ මීටර, Dyno meter) සහ බල පරීක්ෂණ යන්ත්‍ර (සම්පීඩනය/ආතති Compressor/Tension) ක්‍රමාංකන අපගේ බල ප්‍රමිතීන් භාවිතයෙන් සිදු කෙරේ.

බල ක්‍රමාංකන සේවා පරාසය 3500 kN (සම්පීඩන) සහ 250 kN (ආතති) දක්වා ආවරණය කරයි

අපි පහත සඳහන් පරිදි බල මිනුම් උපකරණ (Force Measuring Equipment) ක්‍රමාංකනය කරන්නෙමු:

  • සම්පීඩන පරීක්ෂණ යන්ත්‍ර
  • ආතති පරීක්ෂණ යන්ත්‍රය
  • Load Ring / ලෝඩ්සෙල් (LoadCell)
  • ආතති මීටරය
  • ගුවන් යානා කිරුම් පද්ධතිය
  • Proving ring
  • ගුවන් යානා සඳහා අතේ ගෙනයාහැකි බර කිරීමේ පෑඩ්

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • Universal testing machines
    (ක්‍රමය:ISO7500:2018) [පරාසය: 20 kN සිට 2000 kN දක්වා (සම්පීඩනය)]
    [පරාසය: 20 kN සිට 50 kN (ආතති)]
  • බල සත්‍යාපන උපාංග
    (ක්‍රමය:ISO376:2011) [පරාසය: 0.3 kN සිට 2000 kN දක්වා (සම්පීඩනය)]
    [පරාසය: 0.3 kN සිට 100 kN දක්වා (ආතතිය)]

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

පීඩන ක්‍රමාංකනය (Pressure Calibration)

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන උසස් තත්ත්වයේ පීඩන මිනුම් ක්‍රමාංකන සේවා අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමට අපි කැපවී සිටිමු.

අපගේ ප්‍රමිතීන් භාවිතයෙන් බාර් 600 (හයිඩ්‍රොලික්) සහ බාර් 45 (වායු pneumatic) දක්වා පරාසයක පීඩන මාපක ක්‍රමාංකනය කිරීමට අපගේ කණ්ඩායමට හැකියාව ඇත.

අපි පහත සඳහන් පීඩන මිනුම් උපකරණ ක්‍රමාංකනය කරන්නෙමු:

  • පීඩන මාපකය
  • Dead Weight Pressure Tester

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • සංයුක්ත පීඩන මාපක[ පරාසය: -900 mbar සිට 20 mbar දක්වා]
  • වායු පීඩන මාපක[ පරාසය: 0 bar සිට 45 bar දක්වා]
  • හයිඩ්‍රොලික් පීඩන මාපක[ පරාසය: 0 bar සිට 600 bar දක්වා]

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

ව්‍යවර්ථ ක්‍රමාංකනය (Torque Calibration)

ව්‍යවර්ථ (Torque) මිනුම් උපකරණවල නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා එම උපකරණ, අදාල ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රමාංකනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අපි පහත සඳහන් ව්‍යවර්ථ (Torque) මිනුම් උපකරණ ක්‍රමාංකනය කරන්නෙමු:

  • ව්‍යවර්ථ යතුර (ඇනලොග්/ඩිජිටල්) (Torque wrench (Analog/Digital)
  • ව්‍යවර්ථ ඉස්කුරුප්පු ධාවකය (Torque Screw Driver)
  • Cap Torque Tester

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • ව්‍යවර්ථ යතුර [ පරාසය: 7.5 N.m සිට 1500 N.m දක්වා]

බල ක්‍රමාංකනය සම්බන්ධයෙන් ඔබට තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර බල පරීක්ෂණාගාර ප්‍රධානී ජී එච් අසෝක මහතා අමතන්න, තැපෑල්; asokagh@slsi.lk හෝ දු.ක. අංක +94 112 67 1567 දිගු 1403/1421 අමතන්න.

ඔබගේ මිණුම් උපකරණ මෙහි සඳහන් වී නොමැති නම්, අප හා සම්බන්ධ වී, වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකිය.

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

බල පරීක්ෂණාගාරයට බලය(Force),පීඩනය(Pressure) සහ ව්‍යවර්ථය(Toqure) යන ක්ෂේත්‍ර සඳහා ප්‍රතීතනය ලබා ඇත

දිග පරීක්ෂණාගාරය (Length Laboratory)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිති විද්‍යා අංශයෙහි දිග පරීක්ෂණාගාරය ශ්‍රී ලංකාවේ ISO 17025 ප්‍රතීතනය ලත් පරීක්ෂණාගාරයක් වන අතර එය පුළුල් පරාසයක ක්‍රමාංකන සේවා සපයයි. එය දිග ක්‍රමාංකනය කිරීම සඳහා මනාව නිපුණතාවයකින් යුතු සහ දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විතය.

අපි පහත සඳහන් පරිදි මිනුම් උපකරණ ක්‍රමාංකනය සිදු කරන්නෙමු;

දිග ක්‍රමාංකනය (Dimensional Calibrations)

අපි සියලු වර්ගවල දිග මැනිම සඳහා භාවිතා වන මිනුම් උපකරණ සඳහා ක්‍රමාංකන සේවාවක් පිරිනමන්නෙමු. අපි ඔබේ උපකරණවල ක්‍රමාංකන ප්‍රතිඵල ගෙනහැර දක්වන සවිස්තරාත්මක ක්‍රමාංකන සහතිකයක් නිකුත් කරන්නෙමු.

අපට සැපයිය හැකි ක්‍රමාංකනය:

  • කැලිපරය (වර්නියර්/ඩිජිටල්) (Caliper (Vernier/ Digital))
  • ගැඹුර වර්නියර් ගේජ් (වර්නියර්/ඩිජිටල්) Depth Vernier Gauge (Vernier/ Digital)
  • ගැඹුර මයික්‍රොමීටරය (ඩිජිටල්/වර්නියර්) Depth Micrometer (Digital/Vernier)
  • මයික්‍රොමීටරය (ඩිජිටල්/වැනියර්) Micrometer (Digital/Venire)
  • උස මාපකය (ඩිජිටල්/ වර්නියර්) Height Gauge (Digital/ Vernier)
  • අභ්‍යන්තර මයික්රොමීටරය Internal Micrometer
  • ඩයල් ගේජ් (ඩිජිටල්/වර්නියර්) Dial Gauge (Digital/Vernier)
  • ෆීලර් ගේජ් Feeler Gauge
  • ෂියර් පෙට්ටිය Shear Box
  • ඝනකම මැනීම (ඩයල් / ඩිජිටල්) Thickness Gauge (Dial /Digital)
  • Dumb Bell Cutter/ Sample
  • Steel Ruler
  • ඩයි කටර් Die Cutter
  • කෝණ සෙවුම/ Bevel Protractor/ Angel Protractor/ Inclinometer
  • මිනුම් පටිය Measuring Tape
  • පයි ටේප් Pi Tape
  • CSDF අපගමනය මැනීම (CSDF Deflection Gauge)
  • පරීක්ෂණ පෙරනයන් Test Sieves
  • End Gauges
  • රේඩියස් මාපකය Radius Gauge
  • Sag Index/ Multi Film Applicator/ Cubic Applicator/ Grinding Gauge/ Melt Flow Index
  • සම්මත වීදුරු ග්‍රැටිකියුල් Standard Glass Graticule
  • Micro Checker/Check Master
  • ඩයල් ගේජ් පරීක්ෂක/ක්‍රමාංකන පරීක්ෂක Dial Gauge Tester/Calibration Tester
  • Bore Gauges
  • ප්‍රොෆයිල් ප්‍රොජෙක්ටරය Profile Projector

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • මයික්‍රොමීටරය [පරාසය: 0 mm සිට 25 mm දක්වා (ඩිජිටල්/ඇනලොග්) ]
  • කැලිපරය (Caliper) [පරාසය: 0 mm සිට 600 mm දක්වා (ඩිජිටල්/ඇනලොග්) ]
  • ඩයල් දර්ශකය(Dial indicator) [පරාසය: 0 mm සිට 25 mm දක්වා (ඩිජිටල්/ඇනලොග්) ]
  • ලෝහ කම්බි පරීක්ෂණ පෙරනයක් [පරාසය: 38 µm සිට 2000 µm දක්වා ]
  • සිදුරු සහිත ලෝහ තහඩු වලින් වියන ලද පරීක්ෂණ පෙරනයක් [පරාසය: 4 mm සිට 12.5 mm දක්වා ]

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

Gauge Block ක්‍රමාංකනය

ඔබගේ Gauge Block නිශ්චිත කාල පරාසයක් තුල ක්‍රමාංකනය සිදු කිරීමෙන් ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගත හැක. අප විසින් 0.5 mm සිට 100 mm දක්වා Gauge Block ක්‍රමාංකනය සිදු කර දෙනු ලැබේ.

අපගේ නිපුණ කාර්‍ය මණ්ඩලය දිග පිළිබඳ ක්‍රමාංකනය සිදු කරනු ලබයි.

අපි ඔබේ උපකරණවල ක්‍රමාංකන ප්‍රතිඵල ගෙනහැර දක්වන සවිස්තරාත්මක ක්‍රමාංකන සහතිකයක් නිකුත් කරන්නෙමු. අපගේ සියලුම විද්‍යාගාර සහතික ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වේ.

ඔබගේ උපාංගය මෙහි ලැයිස්තුගත කර නොමැති නම්, අප හා සම්බන්ධ වී වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකිය.

දිග ක්‍රමාංකනය සම්බන්ධයෙන් ඔබට තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර දිග පරීක්ෂණාගාර ප්‍රධානී යෝෂිතා වීරසිංහ මහත්මිය අමතන්න, ඊ තැපෑලෙන්; yoshitha@slsi.lk හෝ දු.ක. අංක +94 112 67 1567 ext 561/263 අමතන්න.

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

මයික්‍රොමීටරය, කැලිපරය, ඩයල් ඉන්ඩිකේටරය, පරීක්ෂණ පෙරන (ලෝහ කම්බි වලින් වියන ලද හෝ සිදුරු සහිත ලෝහ තහඩුව සහිත) සඳහා ප්‍රතීතනය ලබා ඇත.

ස්කන්ධ පරීක්ෂණාගාරය (Mass Laboratory)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ස්කන්ධ පරීක්ෂණාගාරය පුළුල් පරාසයක ක්‍රමාංකන සේවා සපයන ශ්‍රී ලංකාවේ ISO 17025 ප්‍රතීතනය ලත් පරීක්ෂණාගාරයකි. එය ස්කන්ධ ක්‍රමාංකනය කිරීම සඳහා මනාව පුහුණුව ලත් නිපුණතාවයෙන් යුත් දක්ෂ පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විතය.

අපි පහත දැක්වෙන පරිදි ස්කන්ධ ක්‍රමාංකනය සිදු කරන්නෙමු;

බර ක්‍රමාංකනය (Weight Calibration)

වඩා නිරවද්‍ය මිනුම් ප්‍රමිති භාවිතයෙන් තරාදි හා පඩි කට්ටල ක්‍රමාංකනය කරනු ලැබේ. එම පඩි කට්ටල OIML වර්ගීකරණයට අනුව විවිධ පන්තීන්ට අයත් විය හැකි අතර ඒවා මල නොබැඳෙන වානේ, තඹ, යකඩ හෝ මිශ්‍ර ලෝහයන්ගෙන් සමන්විත විය හැක.

ක්‍රමාංකනය සඳහා භාවිතා වන පඩි කට්ටල, නැතහොත් සම්මත මිනුම් ප්‍රමිති නිමවා ඇත්තේ OIM L පිරිවිතරයන්ට අනුකූලව නිමවා ඇත්තේ සීමාවන් සහ නිරවද්‍යතාවය තුලය. මේවා භාවිතයෙන් පරීක්ෂණාගාර තුල, පර්යේෂණාගාර තුල හෝ අධ්‍යන කටයුතු සඳහා යොදා ගන්නා වඩා නිරවද්‍ය තුලා (Analytical Balance) සත්‍යාපනය හෝ ක්‍රමාංකනය හෝ හැකියාවන් පරීක්ෂාව සිදු කළ හැක.

ඔබගේ සියලුම පඩි කට්ටල OIML වර්ගීකරණයට අනුව F1, F2, M1, M2 යන විශ්වාසදායක සහ නිවැරදිව ක්‍රමාංකන සේවාව ලබා දෙන්නෙමු.

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • බර [පරාසය: 1 mg සිට 20 kg] (පන්තිය F1 සහ F1 ට අඩු)

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

තරාදි ක්‍රමාංකනය (Balance Calibration)

පරීක්ෂණ තත්ත්වයන් පාලනය කරන ලද අපගේ හෝ ඔබේ පරිශ්‍රයෙහි ඇති පරීක්ෂණාගාරයේ හෝ ක්‍රමාංකන සේවා සැපයීමට අවශ්‍ය තාක්ෂණික නිපුණතාවය හා අවශ්‍ය ප්‍රමිති අප අංශය සතුව ඇත. කාර්මික පරිශ්‍රයන්හි පරීක්ෂණාගාර වල භාවිතා වන යාන්ත්‍රික සහ ඩිජිටල් තරාදි සඳහා අපගේ සේවාව සපයනු ලැබේ.

ක්‍රමාංකනයේ මිනුම් නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් වන අතර, මෙය උපකරණවල ගුණාත්මකභාවය සඳහා වන අපේක්ෂාවන් සපුරාලන බව සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ.

තුලා කාලයත් සමඟ නිරවද්‍ය කියවීම් අඛණ්ඩව ලබා දෙන බව සහතික කිරීම සඳහා නියමිත කාල පරාසයන් තුළ ක්‍රමාංකනය කළ යුතුය.

ඔබගේ සියලුම කිරුම් උපකරණ ක්‍රමාංකන අවශ්‍යතා සඳහා අපි ඔබට විශ්වාසනීය සහ තරඟකාරී සේවාවක් පිරිනමන්නෙමු.

අප සපයන ක්‍රමාංකන සේවා:

  • ඉලෙක්ට්රොනික තුලා (Electronic Analytical Balance, Loading Electronic Balance)
  • වේදිකා ඉලෙක්ට්‍රොනික තුලා (Platform Electronic Balance)
  • කොක්ක කිරුම් තුලා (ඩිජිටල්/යාන්ත්‍රික) Hook Weighing Balance (Digital/Mechanical)
  • එක/ ද්විත්ව/ ත්‍රිත්ව තුලා (One/ Double/ Triple Beam Balance)
  • නිව්ටන් තුලා (Newton Scale )
  • තෙතමනය මිනුම් තුලා (ඉලෙක්ට්‍රොනික / යාන්ත්‍රික) Moisture Balance (Electronic / Mechanical)
  • කඩදාසි පරිමාණය තුලා (Paper Scale)
  • Batching Plant

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • ඉලෙක්ට්රොනික ශේෂය [පරාසය: 0 kg සිට 200 kg දක්වා]

අපගේ සේවාවන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

පරිමාව ක්‍රමාංකනය (Volume Calibration)

අපගේ පරිමා පරීක්ෂණාගාර පාරිසරික මාර්ගෝපදේශවලට සම්මතයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ. පරිමා ක්‍රමාංකන පරීක්ෂණාගාරයේ පාරසරික තත්ත්වයන් දැඩිව අධීක්ෂණය කර පාලනය කරනු ලැබේ

පරිමා ක්‍රමාංකනය මගින් අපි නිශ්චිතව දක්වා ඇති පරිමාව නිවැරදි බව සහතික කරමු. පරිමා ක්‍රමාංකනයෙන් මුලදී උපකරණය දෝෂ, අංක කිරීම,සළකුණු කර ඇති පාඨාංක , වෙනත් දෘශ්‍ය දෝෂ සඳහා දෘශ්‍යමය වශයෙන් පරීක්ෂා කරනු ලැබේ.

පරිමා ක්‍රමාංකන සේවා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් ISO 17025 ප්‍රතීතනය කර ඇත. ක්‍රමාංකන ප්‍රතිඵල ජාතික/ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුකූලව වේ.

පරිමා මිණුම් උපකරණ සහ මයික්‍රොපිපෙට් ක්‍රමාංකනය කිරීමට අපි ගුරුමිතික (gravimetric) ක්‍රමය භාවිතා කරමු. අපගේ සේවාවන් නිරවද්‍ය වන අතර ප්‍රතිඵල ඔබවෙත ලබාදෙනු ලබන්නේ ක්‍රමාංකන වාර්තාව සමඟිනි.

අප විසින් සපයනු ලබන ක්‍රමාංකන සේවා:

  • බීකර් / මිනුම් ජෝගුව - Beakers / Measuring Jug
  • Volumetric Flask / Conical Flask
  • බල්බ පිපෙට් Bulb Pipette
  • ක්‍රමාංකික පිපෙට් Graduated Pipette
  • බුරෙට් Burette
  • මිනුම් සරා Measuring Cylinder
  • ඝනත්ව කප් / දුස්ස්රාවීතා කප් (Flow Cup/ Zan Cup/ Density Cup / Viscosity Cup)
  • ඩිස්පෙන්සර් Dispenser
  • බහු නාලිකා මයික්‍රොපිපෙට් Multi-Channel Micropipette
  • මයික්රොපිපෙට් Micropipette

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • ක්‍රමාංකික පිපෙට් [ [පරාසය: 0 ml සිට 200 ml දක්වා]
  • Burette [ [පරාසය: 0 ml සිට 100 ml දක්වා]
  • පරිමාමිතික නළ [ පරාසය: 5 ml සිට 2000 ml දක්වා]
  • මිනුම් සරා [ පරාසය: 0 ml සිට 2000 ml දක්වා]
  • පිස්ටන් ක්‍රියාකරන පරිමාමිතික උපකරණ [ පරාසය: 10 µl සිට 1000 µl දක්වා]
  • බහු-නාලිකා පිපෙට්/ …නාලිකා පිපෙට්

අපගේ සේවා වන් ලබා ගැනීම සදහාDM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න. අපගේ හැකියාවන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ පරීක්ෂණාගාර ප්‍රතීතනයේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

ඝනත්වය ක්‍රමාංකනය (Density Calibration)

ක්‍රමාංකනය, ඔබේ ඝනත්වය මැනීමේ උපකරණවල මිනුම් නිරවද්යතාව තහවුරු කරයි. සාමාන්‍ය ක්‍රමාංකනය සමඟින්,සම්පූර්ණ අනුකූලතාවය සහතික කළ හැකි අතර සාවද්‍ය මිනුම්වල පිරිවැය වළක්වා ගත හැකිය.

අපට පහත සඳහන් ඝනත්වය මැනීමේ උපකරණ ක්‍රමාංකනය කළ හැක.

  • හයිඩ්රොමීටරය (Hydrometer)
  • ලැක්ටෝමීටරය (Lactometer)

ඔබට ස්කන්ධ, පරිමාව හෝ ඝනත්ව ක්‍රමාංකනය සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරුණාකර ස්කන්ධ පරීක්ෂණාගාර ප්‍රධානී ප්‍රභාත් වනිගසිංහ මහතා අමතන්න; ඊ තැපෑලෙන්: prabath@slsi.lk හෝ දු.ක. අංක +94 112 67 1567 ext 563/263 අමතන්න.

අප පරීක්ෂණාගාරයේ (SLSI) / ඔබ පරිශ්‍රයේ ක්‍රමාංකන සේවා සඳහා දින ලබා ගැනීමට කරුණාකර ස්කන්ධ පරීක්ෂණාගාර ප්‍රධානී අමතන්න. විද්‍යුත් තැපෑලෙන්: prabath@slsi.lk හෝ දු.ක. අංක +94 112 67 1567 දිගු 563/263 අමතන්න.

ඔබගේ මිණුම් උපකරණ මෙහි සඳහන් වී නොමැති නම්, අප හා සම්බන්ධ වී, වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකිය.

අපගේ සේවා වන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැකියාවන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ පරීක්ෂණාගාර ප්‍රතීතනයේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

ස්කන්ධ පරීක්ෂණාගාරය බර, තුලා, පරිමාමිතික වීදුරු භාණ්ඩ, මයික්‍රොපිපෙට් සඳහා ප්‍රතීතනය ලබා ඇත

උෂ්ණත්ව පරීක්ෂණාගාරය (Temperature Laboratory)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිනුම් විද්‍යා අංශයහි උෂ්ණත්ව පරීක්ෂණාගාරය ශ්‍රී ලංකාවේ ISO 17025 ප්‍රතීතනය ලත් පරීක්ෂණාගාරයක් වන අතර එය පුළුල් පරාසයක ක්‍රමාංකන සේවා සපයයි. එම පරීක්ෂණාගාරය මනා නිපුන පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

අපි පහත සඳහන් පරිදි උෂ්ණත්ව ක්‍රමාංකනය සිදු කරන්නෙමු;

උෂ්ණත්ව උපකරණ ක්‍රමාංකනය (Temperature Instrument Calibration)

අපි Hg/ඩිජිටල් උෂ්ණත්වමාන, උෂ්ණත්වමාන, ප්ලැටිනම් ප්‍රතිරෝධක උෂ්ණත්වමාන (PRT), IR උෂ්ණත්වමාන, පරීක්ෂණාගාර උඳුන්, ඉන්කියුබේටර් සහ සියලුම වර්ගයේ නිෂ්පාදන සඳහා යොදා ගන්නා උපකරණවල ක්‍රමාංකන සේවාවක් පිරිනමන්නෙමු.

ඔබගේ සියලුම උෂ්ණත්ව උපකරණ ක්‍රමාංකන අවශ්‍යතා සඳහා අපි ඔබට විශ්වාසදායක සහ තරඟකාරී සේවාවක් පිරිනමන්නෙමු.

  • COD Digester
  • වීදුරු උෂ්ණත්වමානය Glass Thermometer
  • ඩිජිටල් උෂ්ණත්වමානය Digital Thermometer
  • ඩයල් උෂ්ණත්වමානය Dial Thermometer
  • IR උෂ්ණත්වමානය IR Thermometer
  • උඳුන Oven / Furnace
  • ඉන්කියුබේටර් Incubator
  • Liquid Bath
  • ඔටෝ ක්ලේව් Auto Clave
  • සීත කාමරය/ශීතකරණය/ශීතකරණය Cold Room/Refrigerator/Freezer
  • කාර්මික අවන්/බේකරි/ රොටරි අවන්/ඩෙක් අවන් Industrial oven/Bakery/ Rotary Oven/Deck oven
  • උෂ්ණත්ව පාලක / දර්ශක Temperature Controller/ Indicator
  • කාර්මික බ්ලොක් ක්රමාංකකය Industrial Block Calibrator
  • උෂ්ණත්ව ක්රමාංකකය Temperature Calibrator
  • Hygrometer / Max- Min උෂ්ණත්වමානය
  • උෂ්ණත්ව Data Logger

අප විසින් ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • දියර-වීදුරු උෂ්ණත්වමානය - Liquid-in-glass thermometer [ පරාසය: -80 °C සිට 550 °C දක්වා]
  • ඩයල් උෂ්ණත්වමානය - Dial thermometer [ පරාසය: -80 °C සිට 550 °C ]
  • සංවේදකය සහිත ඩිජිටල් උෂ්ණත්වමාන - Digital thermometers with sensor [ පරාසය: -80 °C සිට 1200 °C දක්වා]
  • Autoclave [ පරාසය: 50 °C සිට 150 °C දක්වා]
  • උඳුන - Furnaces [ පරාසය: 200 °C සිට 1000 °C දක්වා]
  • Liquid bath [ පරාසය: -30 °C සිට 200 °C දක්වා]
  • උඳුන - Oven [ පරාසය: 30 °C සිට 200 °C දක්වා]
  • ඉන්කියුබේටර් [ පරාසය: 0 °C සිට 60 °C දක්වා]
  • ශීත කාමර - Cold rooms [ පරාසය: -80 °C සිට 20 °C දක්වා]

අපගේ සේවා වන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැ කියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ පරීක්ෂණාගාර ප්‍රතීතනයේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

උෂ්ණත්ව සම්මත ක්‍රමාංකනය

අපගේ නිපුණ කාර්ය මණ්ඩලය ඔබගේ උපකරණවල නිරවද්‍ය මිනුම් ප්‍රමිතීන් භාවිතයෙන් ක්‍රමාංකනය සිදු කරන අතර, ISO 17025 ප්‍රමිතීන්ට අනුව අවශ්‍යතාවයට අනුකූල ව ක්‍රමාංකන වාර්තා ලබා දෙනු ලැබේ.

අපි පහත සඳහන් පරිදි උෂ්ණත්ව ක්‍රමාංකනය සිදු කරන්නෙමු:

  • සම්මත තාප විද්‍යුත් යුග්ම (Standard Thermocouple)
  • සම්මත ප්ලැටිනම් ප්‍රතිරෝධක උෂ්ණත්වමාන Standard Platinum Resistance Thermometers (SPRT)

ISO 17025 ප්‍රතීතනය ලත් ක්‍රමාංකන සේවා;

  • තාප විද්‍යුත් යුග්ම [ පරාසය: 0 °C සිට 1200 °C ]
  • ප්ලැටිනම් ප්‍රතිරෝධක උෂ්ණත්වමාන (PRT) Platinum resistance thermometers (PRT) [ පරාසය: -80 °C සිට 660 °C ]
  • ලෝහ තාප උත්පාදකය - Metal block bath [ පරාසය: 35 °C සිට 250 °C ]

උෂ්ණත්ව ක්‍රමාංකනය සම්බන්ධයෙන් ඔබට තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර උෂ්ණත්ව පරීක්ෂණාගාරයේ ප්‍රධානී අනුෂා බෝගහවත්ත මහත්මිය අමතන්න, ඊ තැපෑල: anusha@slsi.lk අමතන්න හෝ +94 112 67 1567 ext 571/570 අමතන්න.

ඔබගේ මිණුම් උපකරණ මෙහි සඳහන් වී නොමැති නම්,අප හා සම්බන්ධ වී, වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකිය.

අපගේ සේවා වන් ලබා ගැනීම සදහා DM/FM/04 භාවිතයෙන් ඉල්ලුම් කරන්න: අපගේ හැ කියා වන් තහවුරු කර ගැනීමට ISO/IEC 17025:2017 ප්‍රතීතනය පිළිබඳ අපගේ පරීක්ෂණාගාර ප්‍රතීතනයේ විෂය පථය ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන්නේදැයි, තහවුරු කරගන්න.

උෂ්ණත්ව උපකරණ ක්‍රමාංකනය සහ උෂ්ණත්ව සම්මත ක්‍රමාංකනය සඳහා උෂ්ණත්ව පරීක්ෂණාගාරය ප්‍රතීතනය කර ඇත
Go Back